මොනවා කියන්නද මන්දා...
හැම ගැහැණු හිතකම ඒකායන හීනෙ තමුන්ව දරා ගන්න පිරිමි පපුවක්..
දුක්,කඳුළු එක්ක හැම හැලහැප්පීමක් ළඟදිම තුරුල් කරන් හුස්ම පිඹින ජිවිතේ කියා දෙන පිරිමි හිතක්.
ගෑනු හිතක අන්ධකාරේ පිරිව්ව අහු මුලු තාරකා පිරිව්ව අහසක් වගේ එලිය කරන තෙත ඇසක්...
මල් පුසුඹ ගලන තුරු හිසක හෙවණ එක්ක ඉසුහුම් ගෑනුකම් කූද්දන උණුහුමක්.
ඉඳහිටක පිරිමි රළු පරළුකම් අතරෙ දිය වෙවි බැඳීලි පිරිමහ ගන්න, ගහට පොත්ත වගේ බැඳීමක්.
මගෙ සිටුවර පුවතේ ආඩම්බර සඳ,
මේ කී නොකී හැමදේම අඩුවක් නැතිවම නුඹ ලඟ.
"නොවෙනස් වෙන මයෙ ප්රේමණීයම සෘතුව නුඹ."
අත නොහැර මේ සංසාරෙත් මුණ ගැහැණුට පින් ඔන්න උතුරන්න.
| Author | Dilu Sandamali Rasangika Mapa |
| Language | Sinhala |
| ISBN | 9789557339191 |
| pages | 304 |
There are no reviews yet