දිලෙන්නට උවමනා නැන අපට
ගගණේ පැයූ සඳක් විලසට
තුන් රැයම දැනෙන හඬ
පන්හිදෙන් ලියවුණාට
හීන දහසක් අස්සේ හීන් සීරුවේ පය තිබ්බට
ලියවෙන පාදයකට හැඟමකට
සිතුවිල්ලකට
වටිනාකම හෙව්වට
අපේ හිත්වල සතුට සොයා පියාසර කළාට
අපෙ ගුණ දොස් විමසා
නිරතුරු දිරි දෙන්නට
සදා ඔබ ඉන්නවද අපට අත්වැලක් වී
පුංචි කවිකම් හුඟක්
අලුත් ලෝකෙට රැගෙන
එන්නට ඔබත් ආසිරි මල් පිනි ඉසින්න
නුඔ වෙනුවෙන් ලියවුණු කවියක්
ඈත කොහේ හෝ එක පිටුවක
නීල පබළු වැස්සේ තෙමෙමින්
ඒ කවියේ රස විඳින්න
ගන්න මේ කවි පොකුර ඔබේ දෑතට
| Language | Sinhala |
| ISBN | 9786249376434 |
| pages | 120 |
There are no reviews yet