ටීම් ඇන්ඩර්සන් මට මුණගැසුණේ වින්චෙස්ටර් සරසවියේදීය. හමු වූ මුල් දිනයේම අපි මිතුරන් වීමු. ඊට පාදක වූයේ මෙවන් කතාබහකි. "ඔබ මොන රටෙන්ද?" "ශ්‍රී ලංකාවෙන්." "ශ්‍රී ලංකා? ඉස්සර සිලෝන් කියල හඳුන්නපු රට. ඔබ පිළිමතලව්වේ කුමාරහාමි ගැන අහල තියෙනවද?" "ඇයි නැත්තෙ. මහනුවර රාජධානියෙ හිටිය අගමැතිගෙ බිරිඳ ඇය." "නෑ. ඔහුගෙ බිරිඳ මාරලන්ද කුමාරිහාමි. පිළිමතලව්වේ කුමාරිහාමි කියන්නෙ ඔහුගෙ දුව." "පිළිමතලව්වෙලා ගැන මේ තරම් තොරතුරු ඔබ දන්නෙ කොහොමද?" ජේම්ස් ඇන්ඩර්සන් කියන මගෙ මීමුත්තා දහනවවැනි සියවසේදි ලංකාවෙ හිටිය වැවිලිකරුවෙක්. ඔහුගේ බිරිඳ සාරා, පිළිමතලව්වේ කුමාරිහාමිගේ මිතුරියක්. ඔවුන් මිත්‍ර වෙලා තියෙන්නේ බියට්‍රිස් ගිරිහාගම නිසා. රජුත් කුමාරිහාමිත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබිලා. ඇය ඒ සියලු විස්තර සාරා සමග කියල තියෙනවා. ඒ ආශ්රයෙන් සාරා ලිව්ව කතාව තාමත් අපේ පවුලෙ දේපළක් විදිහට සුරක්ෂිතව තියෙනව. ඒක හරිම රසවත්" සාරා ලිවූ පිළිමතලව්වේ කුමාරිහාමිගේ ජීවිත කතාවේ ඡායා පිටපතක් මට ලබා දීමට තරම් ටිම්ට කාරුණික හදවතක් තිබිණි. පිළිමතලව්වේ කුමාරිහාමිගේ ආදරය ගැන කෙරුණු කතාබහ, අපේ විවාහය දක්වා දුර දිග ගිය බවද සඳහන් කරන්නේ සතුටිනි. ඇන්ඩර්සන් පවුළේ දේපලක් ලෙස පැවතුණු එම කතාවේ සිංහල පරිවර්තනය මෙයයි. -චින්තා මැදවල ඇන්ඩර්සන්
| Language | Sinhala |
| Author | Padmini Senevirathne |
| pages | 266 |
| ISBN | 978-624-5546-68-8 |
There are no reviews yet