උසස් අධ්‍යාපනය පිණිස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍ර වේදී උපාධිය සහ ශාස්ත්‍රපති උපාධිය හිමිකරගති. හැරිසන් ද සිල්වා රාජ්‍ය සේවයේ විවිධ මට්ටමේ මාණ්ඩලික නිලධාරී තනතුරු දැය. ඔහු උසස් අධ්‍යාපනය ලබන අවධියේ සිටම විවිධ ලේඛන හා ශාස්ත්‍රීය කටයුතුවල නිරත විය.
රාජ්‍ය ශිෂ්‍යත්වයකින් තායිලන්තයේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ඔහුට අවස්ථාව ලැබුණි. විසම්මුතික සෙනෙහස නම් නව නිර්මාණය ඔහු අතින් ලියවෙන්නේ එහිදී ලබාගත් අත්දැකීම් පාදක කොට ගැනීමෙනි. ඔහු එම අත්දැකීම් නිර්මාණශීලීව රසවත්ව හරවත්ව පාඨකයා වෙත ඉදිරිපත් කරයි.
තායිලන්ත විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපන කටයුතු සඳහා යන ශ්‍රී ලාංකික තරුණ නිලධාරියෙකු හා තායිලන්ත බැංකු නිළධාරීනියක අතර ඇතිවන ප්‍රේම සම්බන්ධයක් මෙම නවකතාවට පාදක වී තිබේ. දෙදෙනා අතර ඇතිවන විසම්මුතික සෙනෙහස යථාර්ථයක් බවට පත්වේද? නවකතාකරුවා මෙය දකින්නේ නිර්මාණශීලී දෘෂ්ටි කෝණයකිනි. අලුත් අත්දැකීමක් සේ පාඨකයා මේ නිර්මාණය වැළඳ ගන්නවා නොඅනුමානය.
| Author | Harison De Silva |
| Language | Sinhala |
| ISBN | 9789553131294 |
| pages | 248 |
There are no reviews yet