අවසන් සෙංකඩගල රාජ්‍ය සමයේ අප නොදන්නා වහංගු වී ගිය බලහත්කාරයෙන් සගවා තැබූ ඉතිහාස කතන්දර බෝමය. ඒ සිදුවීම් අගිස්සවමින් උණුහුම්ව ගිය බල අරගල, දේශපාලන, සමාජ සංස්කෘතිකමය පාවාදීම් අස්සේ සංවේදී සේම දුක්බර සොදුරු සංසිද්ධීන් ගැන ලියන්නට මට වූයේ අනන්ත වූ දොල දුකය.
ඉතිහාසය උඩුයටිකුරු නොකොට එහි සාඩම්බරව රකිමින් සත්‍ය වූ මූලාශ්‍ර ඇසුරු කොට මා ශිඛර අකුරු කැටූයේ වගකීමෙනි, භක්තියෙනි.
ඒ ණයක් පියවනවා සමානව යුතුකමකැයි සලකා මගේ අන් නිර්මාණයන්ට සාපේක්ෂව වෙනසක් දරාය. සිතිවිලි උල්පතක පහන්මය හැඟීමෙන් ගැඹුරම කිමිද පේ වෙමිනි. සොඳුරු හැබෑ කතන්දර සමඟින් මල් දමක් සේ ඉමිහිරි ප්‍රේමණීය කාව්‍යක්ද දවටා ශිඛර විනය හැම තත්පරයම මා උන්නේ ඒ අතීතයේය. එදවස, මා ඒ සුපහන් ඉමිහිරියාවේ වහලියක වූයේ මගේ මනාපයටය. ඉදින් ඒ උත්තම මාහැගි යුතුකම මා ඉටුකළ වග අකුරට හිත පොතට බැඳී මටත් ආලවන්ත ඔබ සැම වෙනුවෙන් තුටින් මෙසේ දැනුම් ලමි.
'ශිඛර' නොසැලෙන හිත් තිබූ තම රට දැය ආගම වෙනුවෙන් ඇස් ඉස් මස් එක්ක ප්‍රාණය දන් දුන් හැමටත් අදවත් හදවතින් රට දැය සමයට ප්‍රේම කරන්නටත් පුද දෙන්නේ නමස්කාර පූර්වකව බැතියෙනි.
ඉතිං, මේ ඉතිහාස කතාන්දරය පුරා ඔබ ඇවිදින්න. මනාප තැනක නැවතී විඳ අපට වැරද්දුව සේම වැරැදී ගිය තැන පිරික්සා අතීතයේ වූ වැරැදි ආයේ මේ කපේදි නොවෙන්නට නොකරන්නට ඔබේ හිත් මලුව 'ශිඛර'ක් සේම ගක්තිමත්න හිඳුවා ගන්න." සිතට ධාරණය කරගන්න. මගේ 'ශිඛර', ඔබටය. සාරෙට උපන් ආලයෙන් සදාදරණීය. ඔබ වෙනුවෙන්මයි.

| Author | Dilu Sandamali Rasangika Mapa |
| Language | Sinhala |
| ISBN | 9789557339139 |
| pages | 216 |
There are no reviews yet