ගම්පහ උපන් මහාචාර්ය දිසානායක ආනන්ද මහා විද්‍යාලයේ සහ කොළඹ වෛද්‍ය පීඨයෙහි ආදි ශිෂයෙක් වන අතර පුරා දශකයකට නොඅඩු කාලයක් රජයේ මනෝ වෛද්‍යවරයෙක් වශයෙන් එක්සත් රාජධානියෙහි සේවය කර ඇත. එතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි මනෝ වෛද්‍ය අංශයෙහි මහාචාර්ය පදවිය හා එහි අංශ ප්‍රධානත්වය දරන ලද අතර කොළඹ මහ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයෙහි ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයා ලෙස ද සේවය කළේය. මනෝ විද්‍යාවට අමතර මානව විද්‍යාව හා පුරා විද්‍යාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ එතුමා ලොව නොයෙකුත් නටඹුන් නගර හා ප්‍රධාන කෞතුකාගාර නරඹා ඒ පිළිබඳව හැදෑරීම් කටයුතු ද කර ඇත.
- කෙහෙලි ප්‍රකාශකයෝ
මනෝ විද්‍යාව මෙන්ම ඊට සමීප තවත් විෂයයක් වන මානව විද්‍යාව ද හැදෑරූ මහාචාර්ය විජය දිසානායක කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයෙහි මනෝ වෛද්‍ය අංශයෙහි කාර්ය භාර වෛද්‍යවරයා වශයෙන් සේවය කරයි. මනෝ විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක සාධකයන් උපයෝගී කර ගනිමින් පුරා විද්‍යාත්මක ගවේෂණයන් හා පදනම් ඔස්සේ රාවණ, සිංහබාහු, විජය, පඬුවස්දෙව් හා පණ්ඩුකාභය පුරාවෘත්තයන් දෙස අපූර්ව දෘෂ්ඨි කෝණයකින් බලන ඔහු සිය කෘතියෙන් සිංහලයන්ගේ මූලාරම්භය මෙන්ම ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය හා පූර්ව ඉතිහාසය පිළිබඳව නව අර්ථ කථනයක යෙදීමට ප්රයත්න දරයි. ඔහුගේ මෙම නව අදහස් මෙරට බුද්ධිමතුන්ගේ නොමඳ අවධානයට ලක්විය යුත්තක් ලෙස හැඳින්විය හැකිය.
- ගුණදාස අමරසේකර (පළමු මුද්‍රණයේ පසුවදන)
| Author | Professor Wijaya Dissanayaka |
| Language | Sinhala |
| ISBN | 9786245865925 |
| pages | 317 |
There are no reviews yet