සුප්‍රකට ඇමෙරිකානු ලේඛක මාක් ට්වේන්ගේ
(1835-1910) හොඳම කෘති දෙකින් එකක්
”හකල්බරි ෆින්” යයි සාහිත්‍යධරයෝ සලකති.
තවත් ප්‍රකට ඇමෙරිකානු ලේඛකයකු වූ
අර්නස්ට් හෙමිංවේ "සමස්ත ඇමෙරිකානු සාහිත්‍යයම
ආරම්භ වූයේ මාක් ට්වේන්ගේ හකල්බරි පින්
කෘතියෙනි”යි පවසයි.
පලා යන වහලකු වන ජිම් සමග,
සැතපුම් 550 ක් පමණ දුරක් මිසිසිපි නදියේ
පහුරකින් යාත්‍රා කරන හක්
විවිධාකාර අපූරු සිද්ධි සහ අනතුරුවලට
ප්රයෝගකාරිව කෙළිලොල්ව
සිය අපූරු නිර්මාණ ශක්තිය යොදාගනිමින්
මුහුණදෙන අයුරු ඉමහත් විනෝදයක් උපදවයි.
තවද, කතුවරයා මිසිසිපි නදියත් ඉතා චමත්කාරජනක
සුන්දර අයුරින් ප්‍රධාන චරිතයක් බවට
පත් කොට ඇත.
මේ අපූර්ව කථාව පාඨකයා තුළ
ඉමහත් වින්දනයක් ප්රමෝදයක් ජනනය කරයි.
| Author | Rani Senarathna Rajapaksha |
| 9786245663415 | 9786245546602 |
There are no reviews yet