දුටුගැමුණු රජතුමා හා සම්බන්ධ ජනකතා සහ ජනශ්රැති අන්තර්ගත වේ
ථූපවංශයෙන් හෙළිවන ජනශ්රැති කථා
ජනශ්රැති මුඛ පරම්පරාගත මෙන්ම ලේඛන ගතව ද පවතී. එලෙස ලේඛනගත ජනශ්රැති නූතන ජනශ්රැති ලෙස හඳුන්වයි. ඒ අනුව සමාජයක් වෙනස් වන විට භාෂාව, සිතුම් පැතුම් පමණක් නොව ජන කථාවත් බදු අස්පර්ශනීය උරුමයක් ද වෙනස්වීම ස්වාභාවිකය. ඒ යටගියාවේ උරුමය යළි පාදා නූතන ජනයා හමුවට මෙලෙස රැගෙන ඒම අස්පර්ශශීය හා ජනශ්රැති උරුමයන් සංරක්ෂණයට දායක වීමකි. ථූපවංශය පෙන්වා දෙන පුවත් හා ඓතිහාසික මූලාශ්ර කිසිවක් විකාති නොකර ඒ ලෙසින් එහෙත් ජන කථා රීතියෙන් ලිහිල්ව මේ කෘතියෙන් කියවා ගත හැකි ය. එය ඉතිහාසයන් ඈත්වන පරපුරකට නවමු අත්දැකීමක් ලෙස අමතක කළ ඉතිහාස උරුමයක් යළි පවරාදීමකි. මේ අනුව බලන කල්හි ජනශ්රැති විෂය ප්රවර්ධනයට හා එය කාලීනව ජන මහසෙහි රෝපණය කිරීමට සමත් වු අවස්ථාවක් ලෙස ථුපවංශයෙන් හෙළි වන ජනශ්රැති කථා හෙවත් 'දුටුගැමුණු ජන කථා' කෘතියට හැකි වී ඇති බව සඳහන් කළ යුතු ය.
| Author | Bhagya Abeysekara |
| ISBN | 9786244958192 |
| Language | Sinhala |
There are no reviews yet