මායාමය සුන්දරත්වයකින් අනූන, කල්පිත 'චයෝරා' දිවයිනෙහි නිස්කලංක මිනිස් දිවිසැරීය පසුබිම් කරගනිමින් ලියැවෙන මේ නවකතාව භූමිය සමග එහි මුල් පදිංචිකරුවන්ගේ ඇති ආත්මීය සබඳතාව බිඳ දමන පැරණි යටත්විජිතවාදයේම නව දිගුවක් වන 'හරිත යටත්විජිතවාදයේ' ආගමනය සහ ඊට එරෙහි ප්‍රතිරෝධය තේමා කරගනිමින් ලියැවුණකි. බටහිර අධිරාජ්‍යවාදය සහ පීඩක රාජ්‍යයන් විසින් මුල් සිඳලන ලද, ලෝකය පුරා ස්වදේශික ජනයාගේ නිජබිම් උරුමය, ජීවත් වීමේ අයිතිය සහ ඔවුන්ට හිමි විය යුතු යුක්තිය පිළිබඳ සංවාදයක් මෙම ප්‍රබන්ධය මගින් විවර කරන අතර අප දන්නා ඉතිහාසය යටත්විජිතහරණ ආඛ්‍යානයන් ඔස්සේ යළි කියැවීමෙහි වැදගත්කම අවධාරණය කරයි.
| Author | Kathyana Amarasinghe |
| Language | Sinhala |
| ISBN | 9786246625979 |
There are no reviews yet