කෙටි කතාකරුවෙකු ලෙසින් කතුවරයා ක්ෂේත්රයට අවතීර්ණ වන්නේ මේ කෘතිය පළ කරමිනි. මෙහි ඇතුළත් කතා කතුවරයා තුරුණු වියේ දී නිර්මාණය කර තිබෙන නමුත්, ‘ජීවිතය' හා ‘සමාජය' විෂයෙහි ඔහුගේ තියුණු නිරික්ෂණ හැම නිර්මාණයකින්ම කුළු ගන්වයි. තව ද, උසස් අධ්‍යපනය පිණිස ගමෙන් නගරයට පැමිණි තරුණයෙකු නවකවදය තුළ හිංසනයට ලක්වන අන්දම නිර්ව්‍යාජව නිරූපණය කළ; විවාදයට බඳූන් වුණ ‘තක්සලාවේ නියඟය' එකි පුරුද්දෙහි තිබු හිංසනය සේම – අවිචාරවත් බව එ දවස ලත් ප්‍රායෝගික අත්දැකීම් ආශ්රයෙන් රචනා කරන ලද්දකි. පාඨක විචාරක අවධානයට ලක්වුණ මේ කතා සංග්‍රහය ‘එක් අවධියක‘ ‘ලංකා සමාජයේ ඇතැම් තතු විදහා පාන්නකි.
| Language | Sinhala |
| Pages | 118 |
There are no reviews yet