කාලාන්තරයක් මඟ බලන් ඉඳලා සිරි පතුල පෙනි පෙනිම ආපහු හැරුණ පින් නැත්තී මං...
සඳ දැක දැකම වලාකුළු පල්ලෙන් බිමට පතබෑ වුණ අහිංසකීත් මං...
හීන යායම ගින්දරට මැදි වෙද්දී හුස්මාල්ලන් ජීවිතේ ගැට ගැහුව බෝවිටියා මලත් මං...
ප්‍රේමයේ අපරිමාණ දැනීම් කන්දරාව පාමුල ගල් කුළක් වුණෙත් මං...
මහමෙරක දුක් කන්ඳක් උඩ කඳුලු දෙපතුලට පාගන් හිනා මල් කිනිති අහුලන තාරකාවත් මං...
අතැරි අතැරි ඉපදෙන හැම සංසාරෙම නුඹ පස්සෙ ගාටන සසර මන්තරෙත් මං...
"ප්‍රේමණීය හිත් දරාන මතක එක්කම නිදි වඳින ඇත්තිනෙ නොකිව්වට මේ මං...!"
ඒත්, එහෙව් ප්‍රේමයක් හිත දරාගන්නට නුඹව දැහැට දකින්න පෙරුම් පුරන්නෙ කොහොමද අද මං .....??
| ISBN | 9789557339177 |
| Author | Dilu Sandamali Rasangika Mapa |
| Language | Sinhala |
| pages | 248 |
There are no reviews yet