මාක්.. ඔයාට පුළුවන් නම් ඔය වයලින් එක මගේ ළඟින් ඉඳගෙන වාදනය කරන්න. මට පුළුවන් මේ වැස්ස ඉවර වෙනකල් ම මේ විදියට ඉන්න. මේ අයිස් කැට වගේ වැටෙන වතුර කොයි මොහොතේ හෝ මාව මෙතනම ගල් පිළිමයක් කරනකල් මට පුළුවන් ඒ සංගීතය අහගෙන ඉන්න.. ඒත් එහෙම වුණොත් ඔයාට පුළුවන් වෙයිද කවදාවත් ම මේ හදවත ඇතුළේ තිබුණ වේදනාව දැනගන්න? විසල්ට මම ආදරය කරපු තරම එයාට කියලා දෙන්න? එයා මගේ හිත පතුලට ම තුවාල කරපු තරම දැන ගන්න? ඒ තුවාල උඩින් ඔයා පැලැස්තර දාලා මැරෙන්න ගිය හදවතට පණ දුන්න හැටි දැනගන්න? ඔයා මගේ ජීවිතේට මොන තරම් වටිනවද කියන එක දැනගන්න? ඔයා කොහොමද මල මිනියකට පණ දුන්නේ කියල දැනගන්න? මම කොහොමද ඒවා ඔයාට පැහැදිලි කරන්නේ? මැරිච්ච ගැහැණියකගේ හදවත ගලවලා ඇතුළේ තිබුණු ඒ හැමදේම එළියට ගන්න ඩේටා කේබල් එකක් කවදා හරි කවුරු හරි හොයාගන්නවා නම්.. නේද..? නැත්නම් මේ හැමදේම අතීතයට එකතු වුණු රහස් විදියට වැළලිලා යාවි. මේ යකඩ පුටුවයි, මේ ගාඩිනියා පඳුරයි, මේ පහන් කණුවයි එයාලා දැනගෙන හිටපු සමහර දේවල් කියාගන්න බැරිව ළතැවේවි. ඒවා දරාගෙන ම එයාලත් කවදා හරි පොළොවට පස් වේවි.
| Author | Niluka Fernando Dissanayake |
| Language | Sinhala |
| ISBN | 9786246416263 |
| pages | 208 |
There are no reviews yet