"ආලෝකයේ පුත්‍රයා"
පාරාවෝ සේටි තම බාල පුත්‍රයා වූ රැම්සීස්ට තැබූ නාමයයි ඒ. ඔහු ඒ නමින් හඳුන්වන සේටි, ඔහුට තම රාජ්‍යය භාරදෙයි. සේටිගේ හදිසි අභාවයෙන් පසුව, ඊජිප්තු රාජ්‍යය ගොඩ නැගීමේ වගකීම භාරගත් රැම්සිස්, තම සහෝදරයා, ශනාර්, විදේශිකයන් හා එක්ව වියන දැලෙන් ගැලවෙන්නට හැකි වේද?
මේ සියලු උපද්‍රව වලින් රැම්සිස් බේරා ගන්නට, ඔහුගේ සුරතල් සිංහයා, අපරාජිත; රන්වන් සුනඛයා, නොනිදන්නා සහ හිටපු මුහුදු කොල්ලකරු සෙරමන්නාට හැකි වේද ?
බාධක මැදින් ඉදිරියට යන රැම්සීස්ගේ හදවතට සැනසුම ගෙනෙන මවු රැජින ටුයා, මහ රැජින නෙෆටාරි, පුද්ගලික ලේකම් ආමේනි, යුදෙව්වා මොසස් හා එක්ව යන ගමනේ දී, තම සිහිනය වූ සදාතනික දෙවොල යථාර්තයක් කිරීමට හැකිවේද, ආලෝකයේ පුත්‍රයාට?
| Language | Sinhala |
| Pages* | 396 |