“ගහක මුල් මහ හයියෙන්, මහ පොළොව බදාගෙන, වතුර පෝර උරාගෙන, ගහ උස් මහත් කරනවා. අවුරුදු ගාණක් වැස්ස හුළඟ හැමදේකින්ම ගහ නොවැටෙන්න ඒ මුල් ගහ අල්ලගෙන ඉන්නවා. කාලෙකින් ඒ ගහේ අතු ඉති වල ගෙඩි, මල් හැදෙනවා. ඒවා අයිති අතු ඉති වලට මිසක් අර පොළොව බදාගෙන ඉන්න මුල් වලට නෙමෙයි.
දැකලා තියෙනවාද කවදාවත් මුල් වල මල් හැදෙනවා, ගෙඩි හැදෙනවා. හැම දෙයක්ම ලැබෙන්නේ උඩ ඉන්න උන්ට. යට ඉන්න උන්ට කිසි දෙයක් උරුම නෑ.
ලෝකේ කොහෙත් එහෙමයි. දිව්ය ලෝකේ තියෙන්නෙ උඩ. අපාය තියෙන්නේ යට. ඉතිං උඩ ඉන්න නම් පිං කරන්න ඕනි.”
| Author | Randika Kadawathaarachchi |
| Language | Sinhala |
| ISBN | 9786245577378 |
| pages | 373 |
There are no reviews yet