දස හැවිරිදි අහස් සැබෑවටම සිය විදුහල්පතිනිය ඝාතනය කිරීමට හීන මවනවාද? ගුරුවරුන් සමගම පාසල ගිනිබත් කිරීමට සැලසුම් සකසනවද? අහස්ට ඉන්නේ යාලුවෝ තුන්දෙනයි. තුන්දෙනාම හිතින් මවා ගත් අය. අහස් කියලා කෙනෙක් ඉන්නවද කියලවත් එයාගේ පංතියේ අය නොදන්නා තරමයි. ඒවුණාට අහස්ගේ සිහින ලෝකයේ ඔහු තමයි සුපිරි වීරයා. ඒ ගොල්ලෝ හරිම සාමාන්‍යයැයි සිතා සිටින වැඩිහිටියන්ගේ සහ සමකාලීනයන්ගේ සිත් දිනා ගැනීමට අහස් කවදා හෝ සමත් වේවිද? ඔවුන් කවරදා හෝ අහස්ව තේරැම් ගනීවිද? අහස් අධ්‍යාපන ක්‍රමය සමග පොර බදයි. දෙමාපියන් ළමයින් හදන ආකාරය පිළිබඳව ප්‍රශ්න කරයි. සියලු ආකාරයේ ඒකාකාරී සම්ප්‍රදායන් සමග ගැටෙයි. අහස්ගේ හඬ දෙමාපියන්, අධ්‍යාපනවේදීන් සහ ක්‍රම සම්පාදකයින්ට කවදා හෝ ඇසේවීද? කියවා බලන්න ඔබ තුළත් අහසේ කෙනෙක් ඉන්නවාද කියා. අමුතු කියන්නේ සාමාන්‍යයට. එන්න අහස් සමග උඩුගම් බලා පීනමු.
| Author | Surath De Mel |
| Language | Sinhala |
| ISBN | 9789553129062 |
| pages | 247 |
There are no reviews yet