හීන් සැරේ මගේ වැරෙන්
උඩටම ගිය දවස
උඹට මතක නැති වුණාට
මට මතකයි හොඳට
පරිස්සමින් සුළං කෝඩ
සැරවෙයි නිල් අහස
අහලකවත් නැද්ද හිතේ
දැන් මං ගැන මතත.
අලුත් අලුත් ලොකු ඈයෝ
හම්බවෙද්දී උඹට
මුල අමතක වෙච්ච එකයි
හුඟක්ම දුක හිතට
ඉහළට ගිය උඹෙ හැඩ වැඩ
දැන් පේනව හොඳට
ආඩම්බරකම වංහුන්
දන්න මටම මොකද.
උඹ දිහාම බලාන ගිනි
කාෂ්ටකේ තවම
ඉන්නා මං ගැන නෑ කිසි
ගනිච්චියක් උඹට
ගතු කියනව නෙමෙයි නූල
මගේ අනෙයි තවම
කොහෙ හිටියන් අත හැරියොන්
උඹ වැටෙනව බිමට
| Author | Disna P. Sooriyahetti |
| Language | Sinhala |
| ISBN | 9789550589227 |
| pages | 240 |
There are no reviews yet