පෙම්වතිය හා සැමියා යනුවෙන් චරිත දෙකක් නොයෙක් අයුරින් හඳුනාගත හැකිය. ඉක්බිති ඒ දෙන්නා නීත්‍යානුකූලව විවාහ වෙති. ඔවුන් 'බිරිඳ සහ සැමියා' බවට පත්ව යුග දිවියක් උරුම කර ගනු ඇත.
'තරුණිය නැත්නම් කාන්තාව' - 'තරුණයා නැත්නම් පුරුෂයා' යනුවෙන් මනුෂ්‍ය ජීවිත දෙකක පෑහීමකින් ද අඹු - සැමි දිවි පෙවතක් ගොඩ නැඟේ. ඒ ආදර සබඳතාවකින් නොවන්නට පුළුවන. කෙසේ හෝ නීත්‍යානුකූල විවාහයක් සිදු වෙයි.
විවාහය යනු කුටුම්බ දිවියක සමාරම්භයයි. විවාහයකින් වියුක්ත කුටුම්බ දිවියක් ද කලාතුරකින් හඳුනා ගන්නට පුළුවන. කවරාකාරයකින් සිදු වුණ විවාහයක් වුවද සමතලයක නොව සංකීර්ණ කාරණා මතය පවතින්නේ .
ස්ත්‍රී - පුරුෂ සම්බන්ධතාවක සන්තෘප්තිය උදෙසා මුල් වන්නේ කායිකාස්වාදය ද? කායිකාස්වාදයෙන් තෘප්ත වීම හෝ නොවීම ඔස්සේ විවාහයක් පැවතිය හැකිය. බිඳ වැටිය හැකිය. කායිකාස්වාදය උදෙසා ඉවහල් වන්නේ ලිංගිකාශාවයි. අධිකතර ලිංගිකාශාව අඹු - සැමි ජීවිතයකට ඉවහල් වන සාධනීය සාධකයක් ද? නිෂේධනීය සාධකයක් ද?
| Author | Sarath Wijesooriya |
| Language | Sinhala |
| ISBN | 9786245664535 |
There are no reviews yet