ලේඛයකුගේ ප්‍රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ 'බත්තලංගුණ්ඩුව' තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්‍රථම නවකතාව් කියවීමට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. කවියෙක් සහ කෙටි නාට්‍ය රචකයෙක් ලෙස සාහිත්‍ය ජීවිතය ඇරඹූ වෙඩිවර්ධන නවකතා මාධ්‍ය වෙත එන්නේ අර මාෂ්ය දෙකේම වූ ශිල්පීය අංගද රැගෙනය යන කාරණය සඟවන්නේ නැත. ඔහු ඒ අංග, නවකතාවක කතාව ඉදිරිපත් කරන ආකර්ෂණීය ශෛලියක් නිපවීම සඳහා භාවිතා කරයි.
-මහාචාර්ය ලියනගේ අමරකීර්ති
මංජුල වෙඩිවර්ධනගේ 'බත්තලංගුණ්ඩුව' 2007 වසරේ සිංහල නවකතාව මතු නොව, මෑතකාලීන සිංහල නවකතාව තුළද සුවිශේෂී සංධිස්ථානයක් වෙයි. එය ලෝක සාහිත්‍ය තුළ නවකතාව සම්ප්‍රාප්ත වී ඇති නව ඉසව් වෙතින්ද, නූතන සිංහල නවකතාවේ සිරිල් බී. පෙරේරා, ටෙනිසන් පෙරේරා, සයිමන් නවගත්තේගම වැනි පෘථුල කරන ලද ඉසව් වෙතින්ද පෝෂණය ලැබ ලාංකේය ජන සමාජයේ මෙතෙක් සිංහල නවකතාකරුවන් ස්පර්ශ නොකළ සමාජ සංස්කෘතික ජීවන රටාවක අපූර්වත්වය ග්‍රහණය කරගනි.
- කේ. කේ. සමන් කුමාර
There are no reviews yet