හැරිසන් ද සිල්වා ගේ නවකතා දෙකක් මීට පෙර මගේ නෙත ගැටුණි. ඒ විසම්මුතික සෙනෙහස සහ සෙනෙහසක සුවඳ යන නවකතාය. ඔහුගේ අලුත්ම නවකතාවේ අමුද්‍රිත පිටපත මට කියවීමට අවස්ථාවක් උදාවිය. එම කෘතිය බටහිර සුළඟ නමින් හැඳින්වේ. එය ඉමහත් සතුටට හේතුවකි. ඊට හේතුව අප නවකතා කතුවරයා නව නිර්මාණයට ප්රස්තුත කරගන්නා පසුබිම් පරිසරය අහුන්ගල්ල, කොස්ගොඩ, වැලිතොට, බලපිටිය ආශ්රිත මුහුදුකරයේ ගම් පොකුරයි. කෝට්ටේ රාජධානිය, විජයබා කොල්ලය සහ පෘතුගීසි ආක්‍රමණ නිසා මේ පළාත්වල වැසියන්ට සිදුවුණු අකටයුතුකම්වලට මුහුණදුන් ආකාරයත් ගම්පතිවරුන්ගේ ක්‍රියා කලාපයේ සාධනීය මෙන්ම නිශේධනීය ලක්ෂණ හා ගුණවත්කම් ඇතුලු මිනිස්කම් ද ඇතුළු වූවා සේම කුරුඳු වගාව, වී ගොවිතැන ඇතුළු වෘත්තීන්ද ඔහුගේ නවකතාවට වස්තු විෂය වන්නේය. වැලිතොට වැනි ගම් පෙදෙස්වල මුදලි මුහන්දිරම් පෙළපත් ඇතිවීම, ආරච්චිල හා විදානේවරුන්ගේ ක්‍රියාකාරකම් මිනිසුන් සතුව පවතින අනලස් අනල්ප ගති සොබාවන්, පවුල් ජීවිතය, විවාහය, ගේ ෙදාර ඉඩකඩම්, පැවිදි මහණකම්, බුදු සසුන, කතෝලික පල්ලිය පූජකවරුන්ද ඊට අඩු වැඩි වශයෙන් සම්බන්ධ වන ආකාරය තම ශක්ති පමණින් නවකතාවකට ගොනු කර ගැනීමේ ප්රශස්ත වෑයම ගැන මගේ ගෞරවය හා ප්‍රසාදය හැරිසන් ද සිල්වා ලේඛකයාණන්ට පුද කරනු කැමැත්තෙමි. ස්වදේශික සමාජ සංස්කෘතික දේහය කඩාබිඳගෙන බටහිර මාරුතය බලහත්කාරයෙන් ඇතුළු වී සිරිලකට කළ බලපෑමෙන් බිඳක් හෝ කියන්නට කතුවරයා මහත් ආයාසයෙන් සපුරාගත් ප්රයත්නය අගය කරමි.
| Author | Harison De Silva |
| Language | Sinhala |
| ISBN | 9789553136558 |
| pages | 254 |
There are no reviews yet