යක්ෂ, ප්‍රේත, අමනුෂ්‍ය දෝෂ (Hard Cover)

භූත විද්‍යාව හා පර්යේෂණ Ebook

By Mithra Yapa

Published By Pahan Publishers

යක්‍ෂයින්, ප්‍රේතයින් වැනි අමනුෂ්‍යයන් විසින් මිනිසුන්ගේ ශරීරවලට ඇතුළු වී කරන ක්‍රියාකාරකම් අතිමහත් ය. මෙහි කතා නායිකාව මෙම අමනුෂ්‍යයින් මිනිස් ශරීරවලින් පන්නා දැමීමට සමත්කම් දක්වයි. එලෙස අමනුෂ්‍ය ක්‍රියාකාරකම් පළවාහරින ලද සිද්ධි ගණනාවක් මෙම පොතේ අන්තර්ගත වන අතර විටෙක එය ලොමු දැහැගන්වනසුළු අතර විටෙක භයංකර වේ.මෙමගින් මිනිස් සමාජයට විශාල යහපතක් වන බව පොදු මතයයි.

USD 1.79

Available

Product Details

  • 978-955-667-270-1
  • Sinhala
  • 115
  • 161g


Read And Excerpt

එදිනෙදා ජීවිතයේ දී අපට විවිධ අවස්ථාවල දී නොයෙකුත් ආකාරයේ පුද්ගලයන් ඇසුරු කිරීමට සිදුවේ. විටෙක ඔවුන් අපට ඉතාම ප්‍රියජනක වන අතර ඔවුන්ගේ සෑම ක්‍රියාවක් ම, සෑම ගතිපැවතුමක් ම නිවැරදි ලෙස පෙනේ. අනෙක් අය සමග සසඳන විට ඔවුන් කොතරම් යහපත් දැයි අපට සිතේ. අප සිත ඔවුන් කෙරෙහි පැහැදෙයි. මෙලෙස ඇති වන පැහැදීම නිසා ඔවුන් ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කිරීමට පෙළඹෙයි. ඔවුන්ගේ යම් වැරදි දුටුවත් ඒවා එතරම් බරපතළ නැතැයි සිතෙන තරමට අපි ඔවුන් ගැන පැහැදී සිටිමු.

නිදසුනක් වශයෙන් පෙම් යුවළක් ගැන සිතා බලන්න. පළමුව ඔහුගේ හෝ ඇයගේ යම් කිසි ගතිලක්ෂණ ගැන සිත් පහදවා ගෙන ඇති වන ප්‍රේමය නිසා අන්ධ වන ඔවුන්ගේ සිත් අනෙකා ගැන විශාල බලාපොරොත්තුවක් ඇති කර ගන්නේ නිරායාසයෙන් ම ය. මින් පෙර ළඟින් ඇසුරු නොකරන ලද මිතුරකු ද එලෙසම ය. මා ඔහු හෝ ඇය දකින්නේ යම් සේද අනෙකාටත් එලෙසම මාව පෙනෙනු ඇතැයි අපට හැඟෙයි. මට ඔහුව වටින්නේ යම් සේද ඔහුට ද එලෙසම මාව වටිනු ඇතැයි අපට සිතේ.

මෙලෙස පවත්වා ගෙන යන මිතුරු, පෙම්, අඹුසැමි, සහෝදර  ආදි විවිධ සබඳකම්, යම් දිනක ජාති ජාතිත් වෛර බඳින ජන්මාන්තර වෛර බවට පත් වී අවසානයේ  යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ ආදී නොයෙක් පහත් උප්පත්ති ලබන්නේ කෙලෙසක ද ?