යහපත් ආණ්ඩුකරණයක් පිණිසයි
Published By Wijesooriya Grantha Kendraya
රටේ නීති ගරුක පුරවැසියන්,අලුත් ආණ්ඩුවෙන් අපේක්ෂා කළේ යහපත් ආණ්ඩුකරනණයකි. එහෙත් ජනවාරි අට වෙනිදා සිදු වුණ පෙරළියෙන් අනතුරුව පොදු ජනතාවගේ අපේක්ෂා දීප්තිමත් අන්දමින් වැඩී වර්ධනය වන තත්වයක් ආණ්ඩුකරණය තුළ විද්‍යමාන නොවේ. අලුත් ආණ්ඩුව යහපත් ආණ්ඩුකරණයක් උදෙසා සාකල්‍යයෙන්ම අනුචිත පුද්ගලයන් සැලකිය යුතු සංඛ්‍යාවකගෙන් සමන්විත එකක් ලෙසින් ගොඩ නැගී තිබීම ද ඊට අදාළ හේතුවකි.ඒ ඉරණම උදා වන්නේ දේශපාලන බල අරගලයේම ඛේදයක් ලෙසිනි. දීර්ඝ කාලයක් තිස්සේ හරි හම්බ කර ගැනීමේ නිරතව සිටි පුද්ගලයින් එක අතකින් ද, දීර්ඝ කාලයක් විපක්ෂයේ සිටි නිසා හරි හම්බ කරගැනීමට නොහැකිව සිටි පුද්ගලයින් තවත් පැත්තකින්ද , හැමදාම තමන්ට හිමි කර ගත හැකි ජන්ද පදනම මත මිලක් නියම කර ගනිමින් කැබිනට් අමාත්‍ය පදවි උසුලන පුද්ගලයින් කිහිප දෙනෙකුගේ තක්කදඩිකම්වල නිමක් නැතිවීම හේතුවෙන්ද,විද්‍යමාන වන්නේ අයහපත් ආණ්ඩුකරණයකි. සිවිල් සමාජයේ කැපවීමෙන් ගොඩ නැඟූ ආණ්ඩුව තියුණු ලෙස විවේචනය කරමින් යහපත් ආණ්ඩුකරණයක් උදෙසා මෙහෙයවීම අවශ්‍යව තිබේ.ඒ අනුව සියල්ල යථා තත්වයට පත් නොවුනත් පිරිහුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට එය අත්‍යවශ්‍ය වේ.මෙහි ඇතුළත් වන්නේ ඒ වෙනුවෙන් ලියන ලද ලිපි මාලාවකි.
USD 2.86
Available
Product Details
- 978-955-691-157-2
- Sinhala
- 382
- 322g