වනාන්තරයක් තුළ අතරමං කරන ලද දැරිය

පරිවර්තන

By L. S. S. Pathirathna

Published By Wijesooriya Grantha Kendraya

දකුණු ඇමෙරිකාවේ ඈත එපිට ගම්ම්නයක ජීවත්වූ වයස අවුරුදු හතරක දැරියක් 1954 වසරේ කිසියම් දිනෙක පැහැරගෙන ගොස් තිබුණි. හේතු අප්‍රකට නමුත් අවසානයේ ඇය අත්හැරදමා ගොස් තිබුනේ කොලොම්බියාවේ ඝන වැසි වනාන්තරය තුළය. මරීනා චැප්මන්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාන්තරය ආරම්භ වන්නේ මෙලෙසිනි. වසර කීපයක්ම වනාන්තරය තුළ තනිවම ජීවත්වන ඇගේ පවුල බවට පත් ව ඇත්තේ ‘කැපුචින්’ වඳුරු රැළකි. වනාන්තරය තුළ සෑම දෙයක්ම අනුකරණය කිරීමට පටන්ගෙන ඇති අය කෑම සොයා ගැනීම හා ආරක්‍ෂාව සපයා ගැනීමේ ක්‍රම අප්‍රමාදව ඉගෙන ගෙන ඇත. සම්පුර්ණ කැලෑ සතකු බවට පරිවර්තනය වී සිටි ඇය වයස අවුරුදු දහයේදී පමණ මිනිස් වාසය වෙත රැගෙන විත් ඇත්තේ දඩයක්කරුවෙකුවන් විසිනි. ඔවුන් ඇය ගණිකා නිවාසයකට විකුණා දමා ඇති අතර එහිදී වහල්කමට යොදා ගන්නා ඇයට දිනපතා පහරකෑම් වලට ලක්වීමට සිදුව ඇත. පසුව එතනින් පලායන ඇය උපද්‍රව සහිත අලුත් ජීවිතයක් අරඹන්නේ කොලොම්බියාවේ නගරයක වීදි දැරියක් ලෙසය.

USD 3.14

Available

Product Details

  • 978-955-691-180-0
  • Sinhala
  • 330
  • 287g