වල්ලි අම්මලා
Published By Surasa Bookshop
නාච්චිරේ සහ මුත්තම්මාගේ ග්රහණයේ දිවි ගෙවන ගාඩි රැහක නාම්බ නෑම්බියන් රැසක් තම උරුමයන් රැකගෙන ගෙවන දිවිපෙවෙත ඇසුරින් රචිත නවගත්තේගමයන්ගේ මෙතෙක් නොපළ වූ කෘතියකි. "තෙළඹු ගහ පාමුල එක්තරා ගලක් තබා ඇත. එය තුන්හුලස් ය. දීර්ඝ කාලයක් අනාදිමත් කාලේ සිට දුම් වැදුණ හෙයින් එය කාල වර්ණ වී ඇත. එහි කොටා ඇති 'තන්ත්රය' දවල් කාලයේ දී හෝ කාටවත් පැහැදිලි ව බලාගත නොහැකි වන තරමට දුර්වර්ණ වී තිබේ. කුප්පායමක් කාලයකට පිහුටුවන සෑම භූමි භාගයක ම සුවිශාල ම වෘක්ෂය පාමුල මෙම ගල තබනු ලැබේ. එවිට එතැන රත්නවල්ලි අම්මලාගේ දේවාලය වෙයි. ගාඩි රැළ සන්තක වූ නො දිරා යන එක ම මහඟු වස්තුව ද මෙම කුඩා ගල් පුවරුව පමණක් ම වෙයි. එහි කෙටූ තන්ත්රය පමණක් ම වෙයි. තුන් හුලස් රේඛාවෙන් සමන්විත තන්ත්රයේ අර්ථය කුවේණි මාතාවගේ මහාර්ඝ වූ යෝනියයි. සියලු කුර ගානා බඩ ගානා සතර පා දෙපා සතා සතුන්ගේ පමණක් නො ව, අවකාශය වටකොට ගත් මහ පොළවේ සම්පූර්ණ සශ්රීකත්වයේ ජීවය වන්නා වූ දේවමාතාවගේ ස්ත්රී නිමිත්තයි. ගර්භාශයයි"
USD 2.86
Available
Product Details
- 978-955-677-243-2
- Sinhala
- 248
- 288g