තියුණු අසිපතක සෙවණ යට

පරිවර්තන

By Saminadan Wimal

Published By Surasa Bookshop

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායිකා තමිළිනී ජෙයක්කුමාරන් හෙවත් සුබ්‍රමනියම් සිවකාමි විසින් රචිත ස්වයං චරිතාපදානයේ සිංහල පරිවර්තනය - තියුණු අසිපතක සෙවන යට - කෘතියේ දොරට වැඩුම මැයි මස 13 වැනිදා සවස 04.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී එළිදැක්විණ. තියුණු අසිපතක සෙවණ යට නමින් නම් කර එය පරිවර්තනය කරනු ලැබ ඇත්තේ, යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් මහතා විසිනි. උක්ත එළිදැක්වීම් උළෙලට බොහෝ පිරිසක් සහභාගි වී සිටියෝ ය. උතුරේ අරගලයේ අතිශය සක්‍රිය චරිතයක් වූ තමිළිනීගේ මේ කෘතිය බොහෝ විවාදාපන්න වනු ඇතැ යි සිතිය හැකි ය. කෙසේ වෙතත් දකුණේ සමාජයට උතුරේ අරගලය ගැන ඇගේ නෙතින් බලන්නට විවර වුණු අවස්ථාව වැදගත් බව කිය හැකි ය. එල්. ටී. ටී. ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමිළිණි විසින් කොටි සංවිධානය හා සම්බන්ධ තම ක්‍රියාකාරකම් හා බිහිසුණු අත්දැකීම් විවරණය කරමින් දෙමළ බසින් ලියු කෘතිය සිංහල බසින් ‘තියුණු අසිපතක සෙවණ යට’ නමින් පළ වූ අතර මේ ඒ පිළිබඳ කෙරෙන කෙටි ආලෝචනයකි.

USD 2.73 USD 3.21

Save USD 0.48

Out of stock

Product Details

  • 978-955-4317-703
  • Sinhala
  • 260
  • 310g