තාත්තා
Published By Wijesooriya Grantha Kendraya
ආදරයෙන් ලියමි. පුතා ඇතුලු පව්ලේ සියලුදෙනා වෙතටයි. මම ආවාට පසු සැප සනීප දැනගන්ඩ නොලැබුණ නිසා කනගාටුවෙමි. පුතාගේ විභාගේ 12 දොළොස්වෙනි දිනට යෙදී තිබේ. විභාගෙට සිටින කොලය මෙහි ආවා. ඒ දිනට කලින් පුතා එනවාද මම එන්ටද. අක්කාගේ වාත අමාරුව ගැන මම සහ අම්මා දුක්වෙමි. අක්කාට රක්ෂාව හරියයිද. කිරිදුව මට නිතර මතක් වෙනවා. අයියා මම බස් එකට ගොඩ වෙනකම් සිටියා. මට නිතරම එන්ඩ හිතෙනවා උඹලා බලන්න. පුතා විභාගයෙන් සමර්ථ වී හොඳ මිනිහෙක් වෙන්ඩ බලන්න. මම මේ තරම් දුක් විඳින්නේ නුඹලා නිසයි. ඒ ගැන කල්පනා කර නුඹලා හොඳින් ඉන්න උත්සාහ කරන්ඩ. මම නම් හොඳින් උන්න නිසා මට කවුරුත් සලකනවා. ඊට වැඩියෙන් හොඳට උඹලා සිටින්ඩ ඕනෑ බව තමන් වටහා ගත යුතයි. උඹලා සියලුදෙනාට සියලු දෙවියන්ගේ පිහිටා ආදාර ලැබේවා කියා පතමි. මීට තාත්තා සී. ඇස්. ???
USD 1.07
Available
Product Details
- 955-652-080-0
- Sinhala
- 108
- 80g