සොලමන්ගේ ගීතය

පරිවර්තන

By Gunadasa Yapa

Published By Wijesooriya Grantha Kendraya

ප්‍රථම ලෝක යුද්ධයේදී ප්‍රංශ හමුදාවේ සේවය කළ නීග්‍රෝ නිලධාරියෙකු ආපසු ඇමරිකාවට පැමිණි විට සුදු ජාතිකයින් විසින් ඔහුගේ ඇස් අන්ධ කරන ලදී.ඇමරිකන් සුදු ජාතිකයින් කලු ජාතිකයින්ට කරන අපරාධ හා අසාධාරණයට එරෙහි කලු ජාතික රහස් සංවිධානයක් ඇති විය. “සෙවන් ඩේස්” නම් වූ එය සාමාජිකයින් හත් දෙනෙකුගෙන් පමණක් සමන්විත විය. ඔවුන් හැඳින් වුණේ මන්ඩේ, ටියුස්ඩේ ආදී ලෙසය .එහි අරමුණ සුදු කලු ජනවාර්ගික අනුපාතය නොවෙනස්ව පවත්වා ගැනීමයි . “සුද්දන් කල්ලෙකු එල්ලා මැරුවොත්, අපිත් සුද්දෙකු එල්ලා මරනවා. සුද්දා ඒක කලේ සඳුදාවක නම් සුද්දෙක් මැරීමට පැවරෙන්නේ අපේ සංවිධානයේ ‘මන්ඩේ’ කියන සාමාජිකයාට .... අපේ තරුණියක දූෂණය කළොත් කවුරුහරි සුද්දියෙකුට ඒකම කරනවා.” “ඔයාලා පාලි ගන්නේ අහිංසක සුදු ජාතිකයින්ගෙන් , අපරාධ කාරයින්ගෙන් නොවේ.” “අහිංසක සුද්දෝ නෑ. ඕනම සුද්දෙක්ට මිනී මරන්න පුළුවන්. උන් අමානුෂික ජාතියක්. උන්ගේ අමානුෂික බව තියෙන්නේ ලේවල-වර්ණදේහවල. ”මේ විශිෂ්ට ග්‍රන්ථයේ කතුවරිය වූ කලු ජාතික ටෝනි මොරිසන්ට 1993 දී සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරිනමන ලදී.

USD 2.71

Available

Product Details

  • 978-955-691-007-0
  • Sinhala
  • 247
  • 258g