• Contact Us
Wish List
Order Status
My Account
Sales Details
{{SignText}}
{{SignText}}
www.bookfair.lk
{{Count}}
  • Shop by Category
      • අධ්‍යාපන
      • අනුවර්තන
      • කෙටිකතා
      • දේශපාලන
      • බෞද්ධ
      • භාෂා
      • ළමා කතා
      • නවකතා
      • වෙනත්
      • පරිවර්තන
      • සංස්කරණ
      • Art
      • Biography
      • Children's Books
      • Hobbies
  • Authors
  • Publishers
{{CurrencyCode}} {{subTotal | number:2}} {{Count}} item(s)
  1. Home
  2. Authors
  3. Sirisena Rathnayake

Sirisena Rathnayake

  • Sirisena Rathnayake
    256, Susithapura,
  • 0112560246

පාඨක සිත්සතන් වසී කළ ‘බැද්දෙගම’ නවකතාවට පසුබිම් වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වනගත ගම්මානයකි. අලි ඇතුළු වන සතුන් නිදහසේ සැරිසැරූ ‘මුලන’ නමැති පැරණි ගමක් ඊට නුදුරින් තිබිණ. බැද්දෙගම නවකතාවට මුල් වූ “Village in the jungle” නමැති කෘතියේ කතුවරයා වන ලෙනාඩ් මුල්ෆ්  හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහකාර ඒජන්තවරයා විය. ඔහු 1910 දී නැගෙනහිර ගිරුවාපත්තුවට අයත් මුලන නමැති ගමේ පිහිටි පාසලට පැමිණ එහි කටයුතු සොයා බලා, පාසලේ ලොග්පොතේ ඓතිහාසික සටහනක් ද තබා ගොස් ඇත.ඊට

පාඨක සිත්සතන් වසී කළ ‘බැද්දෙගම’ නවකතාවට පසුබිම් වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වනගත ගම්මානයකි. අලි ඇතුළු වන සතුන් නිදහසේ සැරිසැරූ ‘මුලන’ නමැති පැරණි ගමක් ඊට නුදුරින් තිබිණ. බැද්දෙගම නවකතාවට මුල් වූ “Village in the jungle” නමැති කෘතියේ කතුවරයා වන ලෙනාඩ් මුල්ෆ්  හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහකාර ඒජන්තවරයා විය. ඔහු 1910 දී නැගෙනහිර ගිරුවාපත්තුවට අයත් මුලන නමැති ගමේ පිහිටි පාසලට පැමිණ එහි කටයුතු සොයා බලා, පාසලේ ලොග්පොතේ ඓතිහාසික සටහනක් ද තබා ගොස් ඇත.ඊට වසර තිස් හයකට පසුව සිරිසේන රත්නායක නම් ශිෂ්‍යයෙක් අකුරු කරන්නට ඒ පාසලට ඇතුළු විය. මා දැන් ලියමින් සිටින්නේ ඔහුගේ ජීවිතයේ යම් පැතිකඩක් පිලිබඳවය. එය අන් කිසිවක් නොව, ඔහු ලේඛකයෙකු වශයෙන් ඉටු කරන මෙහෙවර පිලිබඳවය.

‘හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ’ යන කියමන සනාථ කරමින්, ඔහු එම පාසලෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් ප්‍රථම ශිෂ්‍යයා වෙමින් වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතළු වීමට වරම් ලැබීය. පසුව එම මාධ්‍ය මහා විද්‍යාලයෙන් ද සරසවියකට ඇතුළු වූ ප්‍රථම කණ්ඩායමේ ශිෂ්‍යයන් කීප දෙනාට ඔහුද ඇතුළත් විය.

මුල හොඳ නම් ඵල එමටයි යන්න තහවුරු කෙරෙන ඔහුගේ භාෂා හා සාහිත්‍ය ලැදියාවට පදනම වැටෙන්නේ පසු කලෙක මහාචාර්ය ධුරයකට පත් වූ මැන්දිස් රෝහනධීර මහතා, ඒ මාධ්‍ය මහා විද්‍යාලයේ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයය පිළිබඳව ඉටු කළ සුවිශේෂ කාර්යභාරය හා එතුමාගේ උනන්දුව මත එම විදුහලේ පුස්තකාලයට එකතු වූ අලුත් පොත්පත් ගොන්න මතය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන්ගේ සෙවනේ සිංහල විශේෂ විෂයක් වශයෙන් හැදෑරීමට ලැබීම ඒ පදනම ශක්තිමත් කළ බවට සැකයක් නැත.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වශයෙන් වැජඹුණු, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මානව සම්පත් කළමනාකරණ හා පරිපාලන අංශයට එක්වූ රත්නායක මහතා, විවිධ තනතුරු දරමින් ඉටු කළ සේවාව නොමැකී යන්නක් බවට පත්ව ඇත. පුහුණු කිරීමේ ඒකකය භාරව කටයුතු කළ කාලය තුලදී ඒ වෙනුවෙන් ඔහු සකස් කළ පොත්පත් ඒ ආයතනය පවත්නා තාක් කල් පවතිනු ඇත.

බෙහෙවින් කාර්යබහුල රාජකාරීවල නියැළී සිටියද භාෂා ශාස්ත්‍ර ඉගෙනීමට ඔහු තුළ වූ උනන්දුව වියැකී ගියේ නැත.ඔහු විශ්‍රාම යාමට වසර දෙකකට පෙරාතුව අධ්‍යායන පොදු සහතික පත්‍ර  විභාගයේ දෙමළ භාෂා විෂයයට පෙනී සිට ඉහල සාමාර්ථයක් ලබා ඇත. ඉන් නොනැවතී සිංහල රාජ්‍ය නිලධාරීන්ට දෙමළත් දෙමළ රාජ්‍ය නිලධාරීන්ට සිංහලත් ඉගැන්වීමෙහි යෙදී ඇත.

විශ්‍රාම යාමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහා බැංකුවට, පෞද්ගලික  බැංකුවලට හා රක්ෂණ සමාගම්වලට ඔහුගෙන් ඉටු වූ සේවාව අගය කළ යුතුව ඇත. බැංකුවලට නව තාක්ෂණය පිවිසීමේදී ,එම සේවාවන් ගනුදෙනුකරුවන්ට සිංහලෙන් හඳුන්වා දීමට පළ කරන ලද ලිපි හා දැන්වීම්වලට අලුත් වචන නිර්මාණය කර දීම හා ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ ලියකියවිලි සිංහලට නගමින් වචන භාවිත කිරීම සිංහල භාෂාව පොහොසත් කිරීමක් විය.එම කාර්යය දැනටත් සිදුවෙමින් පැවතීම අගය කළ යුතුව ඇත.

කලක් තිස්සේ විවිධාකාර ලේඛන සිංහලට නැගීම කළ ද සිංහල කියවන්නන් සඳහා යම් පොතක් පරිවර්තනය කිරීමේ කාර්යයට ඔහු අතගැසුවේ 2013 වර්ෂයේ දී ය. එය ද සිදු වූයේ, ප්‍රවීණ ලේඛකයෙකු වන, කොළඹ නාලන්දා විද්‍යාලයේ සේවාවේ යෙදී විශ්‍රාම ලැබ සිටින ගුණදාස යාපා මහතාගේ පෙළඹ වීම මතය. මාලබේ සුසිතපුර අසෝකාරාම විහාරස්ථානයේ ආධිපත්‍යය දරන රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක හා අමරපුර සංඝසභාවට අයත් ශ්‍රී සද්දම්මවංස පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ගරුතර දිමියාවේ අමරවංස නාහිමිපාණන් ගේ ආශ්‍රයද ඊට රුකුලක් විය.එම ආරාමයේ සුවිසල් පුස්තකාලයේ පුස්තකාලයාදිපති තනතුර ඔහුට ලැබීමෙන්, අවශ්‍ය පොත්පත් පහසුවෙන් පරිශීලනය කිරීමට ඉඩකඩ ලැබීම ද ඔහුගේ කාර්යයට පිටිවහලක් වී ඇත.

පොතක් ලිවීම මෙන්ම, ඒ පොත මුද්‍රණය කරවා ගැනීම හා අලෙවි කිරීම ද පහසු කාර්යයක් නොවේ. ඒ දුෂ්කර කාර්යය පහන් ප්‍රකාශක ආයතනය භාර ගැනීම ඔහු ලත් භාග්‍යයක් විය. පොත්පත් ලිවීමේදී ලේඛකයාට කාලයත්, මානසික විවේකයත් අවශ්‍යම කාරණා වෙයි. මෙහි දී ඔහුගේ බිරිඳ වන විශ්‍රාමික, උපාධිධාරී ආචාර්යවරියක වන චිත්‍රා මහත්මිය ඉටු කරන සේවාව ද නොතකා හැරිය යුත්තක් නොවන බව සඳහන් කිරීම වටී.

 

ධර්ම ග්‍රන්ථ පරිවර්තනය කිරීම    

අසිරිමත් මේ මොහොත

 

මෙම ලේඛකයාගේ ප්‍රථම පරිවර්තන ග්‍රන්ථය ‘අසිරිමත් මේ මොහොත ’ නම් වෙයි. බොහෝ දෙනා කියන පරිදි ග්‍රන්ථයේ මාතෘකාව අපූරු වෙයි. එහි ඇතුළත් කාරණා ද එසේම වෙයි.

 

පුජ්‍ය නාම් හනග් හිමියන්ගේ කෘති  පරිවර්තනය කිරීම

 

මෙම ලේඛකයා මෙහිමියන්ගේ කෘතීන් හතරක්ම පරිවර්තනය කොට ඇත. මෙහිමියන් වැඩවාසය කරන්නේ ප්‍රංශයේ ගම්බද ප්‍රදේශයකය. මෙහිමියන් භාවනායෝගී භික්ෂූන් වහන්සේ නමක් වෙති.

ඉහත සඳහන් කළ ‘අසිරිමත් මේ මොහොත’ නම් කෘතිය මෙහිමියන්ගේ ‘SUNSHINE & GREEN LEAVES’ නමැති ග්‍රන්ථයේ පරිවර්තනයකි. මෙම පොතට ඇතුළත්ව තිබෙන්නේ මනා සිහිකල්පනාවේ අගය පැහැදිලි කිරීම හා ඒ සඳහා කළ යුතු ක්‍රියාකාරකම් කියා දීමය. කරුණු පැහැදිලි කිරීම් කෙරෙන්නේ අපූරු උපහැරණ මාර්ගයෙන්ය.

‘කසළගොඩ මනරම් මල් උයනක් කරමු’, ‘අපගේ හරක් රංචුව මුදා හරිමු’, ‘පෞරාණික වෘක්ෂ රාජයා’ වැනි සිත්ගන්නා මාතෘකා යටතේ ඉදිරිපත් කර ඇති ධර්ම කාරණා කියවන්නාගේ සිත්සතන් පුබුදුවාලයි. ’රෝස මල් හා කුණුකසල ’, ’පාරාදීසිය ’ වැනි රචනා මෙන්ම මෙහි ඇතුළත් සෑම ඉදිරිපත් කිරීමක්ම පාඨකයාගේ ප්‍රඥාව පුළුල් කරයි. පන්සිල් පිළිබඳව මෙහි කෙරෙන විස්තරය බෙහෙවින් පුළුල් එකක් වෙයි. මෙහිමියන්ගේ තවත් ග්‍රන්ථ ගණනාවක්ම මෙම ලේඛකයා විසින් පරිවර්තනය කරනු ලැබ ඇත.

ගතත් සිතත් දෙකම එකක්  

නාම් හන්ග් හිමියන්ගේ ‘PEACE OF MIND’ නමැති කෘතිය සිංහල පාඨකයා වෙත ළඟා වන්නේ ‘ගතත් සිතත් දෙකම එකක් ’ යන මාතෘකාවෙනි. මෙහි සාකච්ජා වන්නේ සිතත්, ශරීරයත් අනවශ්‍ය අන්දමින් දුරස්ව තබා ගැනීමේ ගැටලුව පිලිබඳවය. බොහෝ ගැටළු වලට මුල මෙම කාරණයක් බවට සැකයක් නැත.

ගිය කළ ගියාදෙන්-නොආ කළ නොආදෙන්

නාම් හන්ග් හිමියන්ගේ ‘OUR APPOINTMENT WITH LIFE’  යන කෘතියේ අනුවර්තනයකි. මෙහි තේමාව වන්නේ, අතීතයත්,අනාගතයත් නොසලකා වර්තමානයේ සිටීමේ වැදගත්කමය. අප බොහෝ දෙනාට වැරදී ඇත්තේ එක්කෝ අතීතයේ, නැත්නම් අනාගතයේ එල්ලී සිටීමය.

පාද දෙකක් එක මනසක් 

නාම් හන්ග් හිමියන්ගේ “BUDDHA MIND BUDDHA BODY” කෘතියේ පරිවර්තනයකි. බුදුහිමියෝ මනස මෙන්ම පාද යුග්මයත් ගිහි පැවිදි පිරිස වෙනුවෙන් භාවිත කළහ. සක්මන් භාවනාව, සිතත්, පාද දෙකත් එකට එක් කරන ක්‍රියාකාරකමකි. මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරෙන කරුණු වෙන තැනකින් කියවන්නට නොලැබේ. දැනුම,දැනුමට බාධාවක් බව අපූරු උපහැරණ කතාවකින් පැහැදිලි කෙරෙයි.

මෙම කෘතීන් සිංහලට නැගූ ලේඛකයාගේ දස්කම වන්නේ ගැඹුරු සරල කාරණා සිංහලෙන් ලිවීමය. කුතුහලය නැංවෙන පරිදි ඉදිරිපත් කිරීමය.

 

 

පුජ්‍ය අචාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ කෘති පරිවර්තනය කිරීම

කුමක් වුවත් අපි සතුටින්

බ්‍රහ්මවංසෝ හිමියන්ගේ ‘HAPPINESS THROUGH MEDITATION’ කෘතිය මෙම ලේඛකයා අතින් ‘කුමක් වුවත් අපි සතුටින් ’ නමින් පරිවර්තනය වෙයි. සතුටින් සිටින්නේ කෙසේද?. මෙය මහත් ගැටලුවකි.පිළියම සිත පිරිසිදුව තබා ගැනීමය. ඒ සඳහා නොවරදින මග භාවනාව වෙයි. මෙහි භාවනාවට අදාළ මූලික ක්‍රමවේද, භාවනාවට පවත්නා බාධක හා භාවනා කමටහන් තෝරාගත යුතු ආකාරය මැනවින් පැහැදිලි කොට ඇත.

මෙහිමියන් භාවනාව හුරුපුරුදු කර ගත්තේ අචාන් චා ගුරුහිමියන් යටතේය. එහෙයින් මෙම පොතේ එන භාවනාවට අදාළ කාරණා විශේෂ වැදගත් කමකින් යුක්තය. මෙම ග්‍රන්ථය පරිවර්තන කෘතියක් මෙන් පෙනෙන්නේ නැත. එයට හේතුව ස්වයං කෘතියක ආකාරයෙන් සරල සිංහලෙන් ලියා තිබීමය. එය පරිවර්තනය කළ ලේඛකයාගේ දක්ෂතාවක් වෙයි.

 

අත්හරින්න හිත හදන්න

මෙම ග්‍රන්ථයෙන් කියවෙන්නේ බොහෝ දෑ අත්හැරීමට හිත සකස් කර ගත යුතු බවය. මාතෘකාව අපූරුය. බ්‍රහ්මවංසෝ හිමියන්ගේ පොතේ නම ‘THE ART OF DISAPPEARING’ ය. භික්ෂූන් වහන්සේලා බොහෝ දේ අත්හළ උතුමෝ වෙති. ගිහියන්ටත් අත්හැරිය හැකි බොහෝ දෑ ඇත. අත්හැරීම් නොකොට නිවන් දැකිය නොහැක. එය තේරුම් ගැනීමට මෙම පොත කියවීම සුදුසුය.

 

ඔබේ වටිනාකම කීයද

බ්‍රහ්මවංසෝ හිමියන්ගේ ‘DON’T WORRY BE GRUMPY’ කෘතිය ‘ඔබේ වටිනාකම කීයද’ නමින් පරිවර්තනය කොට ඇත. මෙම ග්‍රන්ථය තුළ කතා එකසිය අටක් ඇත. ඊට ජාතක කතා, පැරණි ජන කතා, නුතන ජනප්‍රවාද මෙන්ම සත්‍ය සිද්ධීන් ද ඇතුළත් වී තිබේ.

බ්‍රහ්මවංසෝ හිමියෝ හාස්‍යය දායාද කොට ගත් බුද්ධ පුත්‍රයෙකි. එහිමියන්ගේ ඕනෑම ජයාරූපයක් ඒ බව කියාපායි. මේ කතෘ තුළ ද හාස්‍ය රසය නොඅඩුව ඇත. සංයමයෙන් මටසිලුටු වූ උපහාස රසයද ඊට එක් වී ඇත.කතෘ තුළින් පළවන ධර්ම රසයද උපරිමයෙන් ඇත.

බල්ලාගේ නින්ද, වළ ගැඹුරුයි, පෙම්වතියගේ බලපෑම, ඇදයත් ලස්සනයි වැනි කතා පාඨකයාගේ ප්‍රඥාව පුළුල් කරයි. ශ්‍රී ලංකාව හා ශ්‍රී ලාංකිකයන් පිලිබඳ කතා දෙකක් වෙයි. ඉන් එකක් සුනාමිය ගැන වෙයි.

පරිවර්තකයාගේ මටසිලිටි වදන් කතා ප්‍රාණවත් කර ඇත. මෙය එක හුස්මට කියවිය හැකි පොතක් බවට කිව හැක.

 

සත්‍යය පැහැදිලියි     

පුජ්‍ය සුමන හිමියන්ගේ ‘TOWARDS TRUTH AND WISDOM’ නමැති ධර්ම ග්‍රන්ථය ප්‍රශ්නෝත්තර ක්‍රමය ගැබ් කොට රචනා කරන ලද්දකි. ඇමරිකානු ජාතික මෙහිමියන් තායිලන්තයේ වැඩවාසය කරමින් භාවනාවේ නියුතුව සිටිති. භාවනාව ගැන කියාදීම සඳහා වර්ෂයකට මාස තුනක කාලයක් බටහිර රටවල සංචාරයේ යෙදෙති.

ජීවන ගැටළු මධ්‍යයේ අධ්‍යාත්මික ජීවිතයක් ගත කළ හැකිද යන ප්‍රශ්නයට ප්‍රායෝගික විසදුමක් යෝජනා කොට ඇත.සිත පාලනය කර ගන්නේ කෙසේද?. යමක් සමස්තයක් වශයෙන් දකින්නේ කෙසේද?. භාවනාවේ අත්තිකාරම කුමක්ද?. මෙවැනි ප්‍රශ්න බොහෝ ගණනකට අගනා පිළිතුරු සපයා ඇත.

ඉතා සරල සිංහලට නගා ඇති මෙම කෘතිය පහසුවෙන් කියවිය හැක.

 

සතුට අත ළඟ

ටිබෙට් දේශයේ සංඝනායකවරයෙකු වූ පුජ්‍ය යෝන්ගී වින්යුර් හිමිපාණන්ගේ ‘THE JOY OF LIVING’ නමැති ග්‍රන්ථය සිංහලට පෙරලන්නේ ‘සතුට අත ළඟ ’ නමිනි. ලෝකයේ බෙහෙවින්ම දුර්ලබ දෙය සතුටය. සතුටින් සිටීමට උපයෝගී කර ගත හැකි ක්‍රියාකාරකම් රාශියක් මෙහි විග්‍රහ කෙරේ. ඊට අමතරව ශුන්‍යතාව, ප්‍රත්‍යත්ෂයේ සාපේක්ෂතාව දැනුවත්භාවය හා ජීවිතයේ යථාර්ථය වැනි ගැඹුරු කාරණා ගැන ද මෙහි සාකච්ඡා කෙරේ.

ගැඹුරු ධර්ම කාරණා සරල සිංහලෙන් කාටත් වැටහෙන ආකාරයට ඉදිරිපත් කිරීමට හැකි වීමත් පරිවර්තකයාගේ කාර්යය සාර්ථකව සිදුව ඇති බව පෙන්නුම් කරයි.සතුට ඇත ලග තිබුණද, එය බොහෝ දෙනෙකුට නොපෙනෙන දුරින් තිබීම අභාග්‍යයට කරුණකි.

 

මරණයට පෙර අභාවය

ග්‍රන්ථයේ මාතෘකාවෙන් පෙනෙන්නේ එය සුවිශේෂී කෘතියක් බවය. ඇමරිකානු ජාතික සුමේධ හිමිපාණෝ තායිලන්තයේ දී පැවිදි වී, බණ දහම් ඉගෙන  භාවනාවට ද හුරුපුරුදු වී, දැනට එංගලන්තයේ වැඩවසමින් එහි බෞද්ධයන්ගේ ආගමික අවශ්‍යතා ඉටු කරමින් සිටිති. එතුමන්ගේ ‘THE MIND AND THE WAY’ නමැති කෘතිය අමුතු නමකින් එළිදැක ඇත.

මරණයට පෙර අභාවයට යා හැකිද?. පුද්ගලයෙකු තුළ පවත්නා දුර්ගුණ සියල්ලක්ම  අභාවයට පත්වීමට ඉඩ දිය හැකි වෙයි. දැඩි ආසාව, කෝපය, වෛරය හා ද්වේශය වැනි කාරණා දැඩිව අල්ලා ගෙන ඉන්නේ කුමක් නිසාද?. දැඩි ආසාවක් පමණක් නොව, සාමන්‍ය ගණයේ ආසාවන් පවා අත්හරින්නේ නම්, එය තමන්ට හිතකර වෙයි.   

 

සුවදායි මරණයක්

ටිබෙට් දේශයේ ප්‍රධාන සංඝනායක ධුරය දරන වත්මන් දලයිලාමා හිමිපාණන්ගේ ‘ADVICE ON DYING’ නමැති කෘතිය මරණය ගැන කරුණු ඉදිරිපත් කරන්නක් වෙයි. පරිවර්තකයා අපූරු මාතෘකාවක් ඉදිරිපත් කරයි. ඔහු කල්පනා කරන පරිදි මරණය සුවදායකය.

මරණය යනු සුවදායක සංසිද්දියක් බවට පරිවර්තකයාගේ අදහස වෙයි. අවුරුදු අනූව, සියය ඉක්මවා ජීවත් වන බොහෝ දෙනා ගත කරන ජීවිතයේ නිස්සාරනභාවය අත්දකින ඕනෑ කෙනෙකුට, මරණය සුවදායක බවට සිතෙයි. පිළිකා රෝහලකට යන ඕනෑම කෙනෙකුට එය ප්‍රත්‍යක්ෂ වෙයි.

එහෙත් මෙම ග්‍රන්ථයෙහි සාකච්ඡා කෙරෙන්නේ එම කාරණය නොව, මරණය සුවදායක කරගන්නේ කෙසේද යන කාරණය බවට ග්‍රන්ථය කියවන ඔබට පැහැදිලි වනු ඇත.

මෙම ග්‍රන්ථය හුදු පරිවර්තනයක් නොව අනුවර්තනයකි. ඒ නිසා පරිවර්තකයා ඊට ඇතුළත් කර තිබෙන කරුනු ද වෙයි. මරණයට බිය වෙතැයි සිතන සියලු දෙනාම මෙම ග්‍රන්ථය කියවීම නුවණට හුරුය.

 

ලෞකික දියුණුවට අදාළ ධනාත්මක චින්තනය කෙරේ යොමු වීම.

ආධ්‍යාත්මික දියුණුවට අදාළ ධනාත්මක චින්තනය තුළ මුල් තැන ගන්නා බෞද්ධ ධර්මයේ මූලික කාරණාවලට අදාළ ග්‍රන්ථ දහයක් පරිවර්තනය හා අනුවර්තනය කිරීමෙන් අනතුරුව මෙම ලේඛකයා ලෞකික දියුණුවට අදාළ ධනාත්මක චින්තනය කෙරේ යොමු වී සිටින සෙයක් පෙනේ.

 

සාර්ථකත්වය අත්දැකීමට නම්  

ඇමරිකානු ජාතික ආචාර්ය නැපෝලියන් හිල්ගේ ජනප්‍රිය කෘතියක් වන ‘YOUR RIGHT TO BE RICH ’ නමැති ග්‍රන්ථය සිංහලට නගා ඇත්තේ ‘සාර්ථකත්වය  අත්දැකීමට නම්’ මාතෘකාව යටතේ ය.

ආර්ථික, සමාජීය හා ආධ්‍යාත්මික සාර්ථකත්වයක් අත්දැකීමට නම් අත්කර ගත යුතු දැනුමේ ස්වභාවය හා දියුණු කර ගත යුතු පෞද්ගලික ගුණාංග ඇතුළත් කරුණු දහහතක් මෙම පොතේ පැහැදිලි කෙරෙයි. බෙහෙවින්ම සරල හා සුගම බසකින් ඉදිරිපත් කර ඇති පරිවර්තන කෘතිය කාටත් ප්‍රයෝජනවත් විය හැක්කකි.

 

කෝටිපතියෙකු වීමට නම්  

කෝටිපතියෙකු වන්නට අකමැතිවන්නෝ සිටිත් ද?. අකැමැති අය නොමැති වුවත් සියල්ලන්ටම කෝටිපතියන් වීමට හැකියාවක් නොමැත. එහෙත් ඒ සඳහා වියහැකියාවන් අත්කර ගනු ලැබ සිටින ඕනෑම කෙනෙකුට කෝටිපතියෙකු වීමට පුළුවන. ඒ වියහැකියාවන් හඳුනාගැනීමට මෙම ග්‍රන්ථය කියවීමට සිදුවනු ඇත.

ඇමරිකානු ජාතික කෝටිපතියෙකු වන ටී. හාර්ව් එකර් විසින් රචනා කරන ලද ‘SECRETS OF THE MILLIONIRE MIND’ ග්‍රන්ථය, ඔබ පුලපුලා සිටින ඒ රහස් හෙළි කරයි. මෙම ග්‍රන්ථය සිංහලට නගන ලේඛකයා ඒ සම්බන්ධයෙන් ඔබට දක්වා ඇති සහාය අගය කළ යුතුව ඇත. කෝටිපතියෙකු වීමට කෝටිපති මනසක් තිබීම අත්‍යවශ්‍යය වැදගත්ම කාරණය වෙයි.

ධනවත් වීමට අදාළ මූලධර්ම පනහකට අධික සංඛ්‍යාවක් මෙහි ගැබ්ව ඇත. ’ඉතිරි කිරීමේ ගිණුමක් ඔබට නැත්නම් ණයට මුදලක් ගෙන හෝ එවැන්නක් ආරම්භ කරන්න’ , ’සෑම අතිදක්ෂයෙක්ම අතීතයේදී අදක්ෂයෙක්ම විය’, වැනි කරුණා ඔබේ සිත පුබුදුවයි. මෙම ග්‍රන්ථය තුළ අපූරු කියමන් රාශියක් ම තිබේ. ’අඩි සියයක් උස ඕක් ගසකට මනුෂ්‍යයෙකුගේ මනසක් වී නම්, එහි උස අඩි දහය නොඉක්මවනු ඇත. ’වැනි කියමන් ඔබේ ප්‍රඥාව පුළුල් කරනු ඇත.

පොත සිංහලට නගා ඇති ආකාරය සිත්ගන්නා සුළුය. සිංහල වචන සරලය, සුගමය, වාක්‍ය කෙටිය, නිරවුල්ය.

 

නවකතා පරිවර්තනය කිරීම

මෙම ලේඛකයා 2017 වර්ෂයේ දී නවකතා පරිවර්තනයට ද පිවිස ඇත. ඔහුගේ ප්‍රථම නවකතා දෙකම අමුතු මාදිලියක ඒවා වෙයි.

පර්දාවක් රහිත අම්මා

බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලත් ඇමරිකානු ජාතික කාන්තාවක වන පැට්‍රීෂියා හෝල්ටන් නමැති ලේඛිකාවගේ ‘MOTHER WITHOUT MASK’ නමැති ග්‍රන්ථය 'පර්දාවක් රහිත අම්මා’ යන නමින්  පරිවර්තනය වී ඇත.

එක්සත් අරාබි එමිරේට්ස් නමැති මැදපෙරදිග රාජ්‍යයට අයත් කාන්තාර භූමියක පිහිටි සාරවත් භූමිභාගයක වෙසෙන ෂීක් පවුලක් කේන්ද්‍ර කොට ගෙන රචිත මෙම ග්‍රන්ථයෙන් එම කලාපයේ වෙසෙන මිනිසුන්ගේ සාම්ප්‍රදායික ජීවිතයත්, තෙල් උල්පත් සැදීම නිසා ඒ ජීවිතය ක්‍රමයෙන් වෙනස්වන ආකාරයත් නිරූපණය වෙයි. ගලා එන ධනයට යට නොවී, එහෙත් යම් ප්‍රමාණයකට සංස්කරණය වෙමින් චිරන්තන ගතිසිරිත් හා ආධ්‍යාත්මික වටිනාකම් රැකගැනීමට දරන උත්සාහය මොනවට පැහැදිලි කරන මෙම ග්‍රන්ථය අවශ්‍යයෙන්ම කියවිය යුතු නිර්මාණයක් වෙයි.

අවමන් ලැබූ දියණිවරු

බ්‍රිතාන්‍ය ලේඛිකාවක් වන ජස්වින්දර් සංගේරාගේ ‘DAUGHTERS OF SHAME’ නමැති ග්‍රන්ථයේ පරිවර්තනය ‘අවමන් ලැබූ දියණිවරු’ වෙයි. මෙය කතා ගණනාවක් අඩංගු එහෙත් ලේඛිකාවගේ සැබෑ ජීවත කතාව නමැති සිහින් හුයකින් ඇමිණී සිටින මුතු මාලයක් බඳු ස්වරූපයක් ගන්නා අමුතු කතාවක් වෙයි.

පෙරදිග රටවලින් විශේෂයෙන් ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් සංක්‍රමණය වී බ්‍රිතාන්‍යයේ පදිංචි වී සිටින පවුල්වල තරුණ තරුණියන්ට මුහුණපාන්නට සිදුව ඇති බරපතළ ගැටලු ගණනාවක් මෙම කතාව තුළ චිත්‍රණය වී ඇත. අත්හරින්නට නොහැකි වූ ද, රැක ගන්නට දුෂ්කර වූ ද, මාපිය සහෝදර සම්බන්දතා එනම් විස්තීර්ණ පවුල් සම්බන්ධතා පිළිබඳව අනුකම්පාව හා සංවේගය දනවන කතා රාශියක් මෙම ග්‍රන්ථයට ඇතුළත් වී තිබේ.

ස්වයං නිර්මාණයක් එළිදැක්වීම 

දාන සීල භාවනා

ධර්ම ග්‍රන්ථ පරිවර්තනය කිරීමේ දී මෙම ලේඛකයාට සුත්‍ර පිටකයට ඇතුළත් ග්‍රන්ථ, ඊට අදාළ අටුවා ග්‍රන්ථ මෙන්ම, අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථත් කියවීමට සිදුව ඇත. විශේෂයෙන්ම ජේරුනනේ චන්දවිචල නාහිමිපාණන්ගේ කෘතීන් කියවීමේ දී ‘දාන සීල භාවනා’ නමැති ග්‍රන්ථයක් ලිවීමේ අදහසක් පහල වී ඇත.

බෞද්ධ ධර්මය පිළිබඳව එක්රැස් කරගෙන ඇති දැනුම හා සිංහල සම්භාවය සාහිත්‍යට අයත් ග්‍රන්ථ පිළිබඳව විශ්ව විද්‍යාලයේ දී ලත් දැනුමත් එකට කැටි කිරීමේ ප්‍රතිඵලය වූයේ මෙම ස්වයං නිර්මාණය බව ලේඛකයා පවසයි. පැරණි සාහිත්‍ය සම්ප්‍රදායට අනුකූලව එම ග්‍රන්ථය නිර්මාණය කොට ඇති බවක් පෙනී යයි.   

 

Count of books {{productCount}}

{{product.discountPercentage}}

{{product.productName}}

{{product.productOwner}}

USD {{product.specialPrice | number:2}} USD {{product.productPrice | number:2}}

Save USD {{(product.productPrice - product.specialPrice) | number:2 }}

Add to Cart

Information

    • Contact Us
      • Delivery Information
      • Privacy Policy
      • Terms & Condition

Payment

Address

      • E Wings Solution Pvt ltd.
      • 743/14 Muwanhelawatta,
      • Thalangama North,
      • Battaramulla.
      • Phone:+94-11-2076701

2019 Copyright © bookfair.lk lakmart.lk

  • Main
  • Account Help
    • Home
    • Categories
  • අධ්‍යාපන
  • අනුවර්තන
  • කෙටිකතා
  • දේශපාලන
  • බෞද්ධ
  • භාෂා
  • ළමා කතා
  • නවකතා
  • වෙනත්
  • පරිවර්තන
  • සංස්කරණ
  • Authors
  • Publishers
    • Home
    • Contact Us
    • My Account
    • WishList
    • Sign In / Sign Up