සෙන් බොදු කතා

පරිවර්තන

By Percy Jayamanna

Published By Surasa Bookshop

පරිණත ලේඛකයකු වූ පර්සි ජයමාන්න තම මාධ්‍ය වූ පුවත්පත් කලාවෙන්, කර්තෘත්වයෙන් එදා මෙදා තුර ගිණිය නොහෙන පිරිසකට අතහිත දුන්නේය. ‘නස්රුදීන් සහ සුෆී’ උපමා කතාවන්ගෙන් අපට අර්ථවත් රසයක් දායාද කළ මේ ලේඛකයා සෙන් දහම සම්බන්ධ සුනිශිත කතා පෙළකින් පාඨකයාට අනර්ඝ සංග්‍රහයක් කරයි. ධ්‍යාන නම් වූ අර්ථ විශද කරන සෙත් කතා ලෝකයේ බොහෝ දෙනෙකුට සැනසීම සැහැල්ලුව හා ඤාණ මාර්ගය වීවෘත කර ඇත. විවෘත මනසකින් මේ කතා කියවා රස විඳින කල්හි පාඨකයාගේ ගුණ නැණ අවදි වෙයි. සිත කය වදන යන තුන්දොර සංවර වෙයි. ශික්ෂිත පුද්ගලයා තමන්ටත් ලෝකයටත් මහඟු දායාදයකි. සරලව සිංහල බසට නඟා ඇති මේ සෙන් බොදු කතා දැඩි රුචියෙන් කියවා බලා එහි රසරුත් උකහා ගත හැකිය. මේ මනරම් කතා කියවන පාඨකයාට ලැබෙන ප්‍රයෝජන අපමණය. මෙබඳු වටිනා ගතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පර්සි ජයමාන්නයන්ට සැමගේ ප්‍රශංසාව හා ගෞරවය හිමිවිය යුතුය.

USD 2.14

Available

Product Details

  • 978-955-677-085-8
  • Sinhala
  • 184
  • 195g