20 %

සත්‍යය සුන්දර ද ?

නවකතා

By Karunathilaka Hadunpathirana

Published By Wijesooriya Grantha Kendraya

හැඳි නොගා හදන කිරි හොද්දත් , නො ගහා හදන ළමයාත් ඒක වගේ යැයි පැවසීම මුසාවකි;මුළාවකි. ළමයෙකු යනු මොළයක්,ස්නායු පද්ධතියක් ඇතිව උපන් සජීවී සත්ත්වයෙකි.ඔහුට ගැහුවොත් රිදෙයි. බැන්නොත් හිත රිදෙයි. කයට හා මනසට දැනෙයි. තරහව , කෝපය ,වෛරය වැනි හැඟීම් ඇතිවෙයි. දරුවා දුකට ,කනස්සල්ලට පත්වෙයි. දැවෙයි, තැවෙයි ,හිත පෑරෙයි,ලැජ්ජාවට පත්වෙයි. ගුරුවරයාට මෙන් ම ළමයාට ද ශිෂ්‍ය අභිමානයක් ඇත. එය කෙලෙසූ විට පෞරුෂය බිඳ වැටෙයි. ගුරුවරුන්, දෙමවුපියන්, වැඩිහිටියන් කරන්නේ ළමයාට දඬුවම් දීම මිස කළ වරදට දඬුවම් කිරීම නොවේ.පහර පිට පහර ගසන්නේ ළමයාට ය . මෙහිදී කර ඇත්තේ වරද ප්‍රතික්ෂේප කරනු වෙනුවට එය කළ දරුවා ප්‍රතික්ෂේප කරනු ලැබීම ය. ළමයින් පාසලෙන් අස් කරන්නේ ඒ අනුව ය. මෙය හරියට තේරුම් නො ගෙන බිම්බිසාර රජ පරපුරටත් එහා රජ කාලේ අකුරු කළ දිසාපාමොක්ලා ගැන කතා කරමින් ළමා මනස ගැනවත් නො සිතති. ළමයා යනු කුඩා මිනිසෙකි . මෙය අවබෝධ කර නො ගෙන ළමයා කායික හා මානසික පීඩනයට, හිංසනයට ලක් කරන අප බිය විය යුතු වන්නේ මානව හිමිකම් සංවිධාන හෝ උසාවි, පොලිසිවලට නොව තමන්ගේ ම හෘදයසාක්ෂියට ය.

LKR 240.00 LKR 300.00

Save LKR 60.00

Available

Product Details

  • 978-955-691-061-2
  • Sinhala
  • 188
  • 169g