රන් මලක් සේ පිපෙන්නට නම්
Published By Wijesooriya Grantha Kendraya
ආලෝකවත් ජීවිතයකට, ආනන්දනීය ජීවිතයකට යන කෘති දෙකෙන් ජීවන සබදතා ශක්තිමත්ව ගොඩනගා ගැනීමට නිසි මග පෙන්වීමක් සිදු කළ ගාමිණී කුමාර විතාන නැවතත් නොර්මන් වින්සන් පීල් ගේ කෘතිය රන් මලක් සේ පිපෙන්නන්ට නම් යන මැයෙන් සිංහලයට පරිවර්තනය කර ඇත. ඔහුගේ පුර්ව කෘති දෙකෙන් ජීවිතයට ඇති කළ සුභවාදී අර්ථවත් බලපෑම් වඩාත් සියුම් හා ප්රශස්ත ධර්මතාවන් ඔස්සේ මේ කෘතියෙන් අර්ථවත් කර තිබේ. ඉතාම ගැඹුරු සංකල්ප කදිම රමණීය බස් වහරකින් සුඛනම්ය ලෙස ගාමිණී කුමාර විතාන ප්රති රචනය කර තිබෙන්නේ ස්වකීය පරිවර්තන ක්රියාවලියේ වඩාත පරිණත බවක්, පිරිපුන් බවක් හා නිර්මාණශීලී බවක් විදහා දක්වමිනි. සියලු කම්කටොලු ඉවත ලා යහපත් පුද්ගලයෙකු සේ ගොඩනැගීමට අවැසි ශක්තීන් අවදි කර ගැනීමට රන්මලක් සේ පිපෙන්නට නම් මා හැගි ග්රන්ථයකි.
USD 2.71
Out of stock
Product Details
- 955-652-251-4
- Sinhala
- 300
- 233g