සෙනෙහසේ හිමිකාරී

පරිවර්තන

By Ambika Dissanayake

Published By Wijesooriya Grantha Kendraya

අංජු කල්කටාවේ කුලවත් පවුලක දියණිය යි. ඇගේ ඥාති සොහොයුරිය වන සුධා ඒ පවුලේ නොහික්මුණු පුත්‍රයාගේ දියණිය යි.සුධා රූමත්, සන්සුන්, මුදු සිතැත්තියක් වන අතර, අංජු සාමාන්‍ය පෙනුමෙන් යුත්, තීක්ෂණ බුද්ධියක් ඇති, පහසුවෙන් කිසිවෙකුට හිස නොනවන යුවතියකි. ඔවුන් දෙදෙනාගේ ගතිගුණ අහසට පොළව මෙන් වුවත්, ඔවුනගේ මවුවරුනටද වටහා ගත නොහැකි ආකාරයේ දැඩි බැඳීමකින් උපන් දා සිට ම ඔවුහු එකිනෙකා වෙත බැඳී සිටිති. කෙසේ වුවද, සුධාට තම පවුලේ සැඟවුණු භයානක රහසක් දැන ගැනීමට ලැබුණු විට ඒ බැඳීම දෙදෙරා යයි. පසුව, යෝජිත විවාහයන්ට ඇතුලුවීමට බල කරනු ලැබ, ඔවුන්ගේ ජීවිත එකිනෙකට සම්පුර්ණයෙන් විරුද්ධ දිශාවන්ට වැටුණු මාවත්වලට අවතීර්ණ වේ. දැඩි අදහස් ඇති අර්ධ නාගරික පවුලක ලේලිය බවට සුධ පත් වන අතර, අංජු ඇගේ සැමියා සමඟ ඇමෙරිකාවට ගොස් ඇයට ම සීමා වූ රහස් සමඟ ජීවත්වන්නට හුරු පුරුදු වෙයි. කාලය ගෙවී යද්දී ඔවුන් දෙදෙනාට ම තම ජීවිතවල දරුණු ඛේදවාචකයන්ට මුහුණ දීමට සිදු වේ. ඒ වන විට ඔවුන් අතර කොතරම් දැඩි දුරස්ථභාවයක් ගොඩ නැගී තිබුණද, ඒ අසීරු අවස්ථාවල දී එකිනෙකාගෙන් පිහිට පතනවා හැර අන් කිසිවෙකු වෙත යන්නට තමන්ට අවැසි නොවන බව ඔවුන් වටහා ගන්නේ එවිට ය. එකිනෙකට සම්පුර්ණයෙන් වෙනස් ඉන්දියානු හා ඇමෙරිකානු සමාජ පසුබිම් කරගෙන ලියැවී ඇති මේ නවකතාව, ආදරය, සහෝදරත්වය, පරිත්‍යාගය හා නොසැලෙන ධෛර්ය පිළිබඳ හද සසල කරවන අපූරු කතාවකි.

USD 4.13 USD 4.86

Save USD 0.73

Available

Product Details

  • 978-955-652-879-4
  • Sinhala
  • 502
  • 630g