පූජා

නවකතා

By Mahesh Rathsara Maddumaarachchi

Published By Pahan Publishers

දිවුරා කියමි ........ ඇස පියලන හැම වාරයකම තවම මට ඔබව සිහි වේ .ඔබේ ආදරණීය සුවඳ මා උමතු කරවයි .වතු සුදු ඔබේ ඇස් තටු අග කඳුලක සීතල මට දැනේ . මුදු සිතැත්තියේ............ යළි නොපායන්නට හිරු නිවී ගිය සේය.ගත සිත කිළිපොලන මේ කළුවර මට වද දෙන තරම් ඔබ දන්නේ නැත .ඉස්සර තරම් සරුවට තරු නොපිපෙන අහස් ආගාධය අඳුරුය .මලානික සඳ එළිය දැන් සිතෙහි සරාගික සිහින තවරන්නේ නැත .මේ රුදුරු පාළුව මට උහුලාගත නොහැක . ආදරියේ ........ එක් දුක්බර අඳුරු සැන්දෑවක ඔබ යන්නට ගියේ යළි නොඑන්නට යැයි මොහොතකටත් මට සිතුනා නම් ,මා ඔබට යන්නට දෙන්නේ නැත . අදහන්න ........ තවම ඔබ එතැයි මගේ දුප්පත් ඇස් පෙරමග බලමිනි.ඒ ඇස්වලට උනු කඳුළු මිස අන් කිසිවක් හිමි නොවේ .මම අපමණ ගින්දරෙනි .ඇස් මානයේ නොවන ඔබද කොතැනක හෝ තැනෙක ලතවිල්ලෙනි .මේ තරම් විඳවන්නට අප එක්ව කළ එකම වරද දරාගත නොහැකි තරම් ආදරය කිරීම පමණකි . ඔබ එන්න ......... නතර වූ තැන හිඳ තව යන්නට බොහෝ දුර වේ .මේ සංසාර ගිරිදඹේ ඔබේ අත්වැල නැති පාළුව මා පාරවයි .ලඟින් පා පොඩි තබන්නට ඔබ නැති මේ දිගු ගමන වෙහෙසකි .කප්පරක් දුකකි .ඔබ දන්නවා නොවේද ? ආදරයක් මිස අරමුණක් ,බලාපොරොත්තුවක් නැති ජීවිතය අපායක් වග .අඩුම තරමින් ආයෙම කවදාක හෝ දවසක ඔබ එතැයි හැඟීමක්වත් සිත උපදී නම් මට බලා ඉන්නට පුළුවන් . සත්තයි ......... ඔබ ආයෙමත් ඒ නම් කල්පයක් වුව මට බලා ඉන්නට පුළුවන් .

USD 3.00

Out of stock

Product Details

  • 950-9060-71-6
  • 276
  • Sinhala
  • 203g