ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න
By Ariyarathna Chandrawangsha ආරියරත්න චන්ද්‍රවංශ
Published By Wijesooriya Grantha Kendraya
මෙම පොතෙන් ලෝකයේ බොහෝ රටවල නැන්දා, ලේලිය අර්බුදය, කන්දොස්කිරියාව හා තවත් වැදගත් මාතෘකා කිහිපයක් මනෝවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් විමසා ඇත. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව, ස්ත්‍රී පුරුෂ විවිධත්වය පිළිබඳ අඹු සැමි ඝට්ටන සඳහා තුඩු දෙන කරුණු විද්‍යාත්මකව විග්රහ කරන මෙම පොත සමබර ජීවිත ගත කිරීමට අවශ්‍ය දැනුම මැනවින් ලබා දෙයි. නූතන සමාජය සංකීර්ණය. ජීවත්වීම සඳහා අඹු සැමි දෙදෙනාම කාර්ය බහුල රැකියාවල නිරත වෙති. ඒ අය පමණක් නොව රැකියාවක් නොකරන කාන්තාවන් ද දැඩි මානසික ආතතියකින් පෙළෙන බව සත්‍යයකි. මෙම පොතේ කතුවරුන් මේ යථාර්ථය විග්රහ කරමින් සතුටින් ජීවත්වීම සඳහා අඹු සැමියන්ට විද්‍යාත්මක මග පෙන්වීමක් කර තිබේ. අලුතින් ජීවිත ආරම්භ කිරීමට සූදානම් වන උදවිය මෙම පොත පරිශීලනය කරන්නේ නම් දිවි ගමන අඳුරේ නොව ආලෝකය ඇති මාවතක ගෙන යාමට සමත් වන්නේ යැයි පැවසීම නිවැරදිය.
Description
USD 3.21
Available
Product Details
- 978-955-652-443-7
- Sinhala
- 356
- 419g
Read And Excerpt