
Manel Jayanthi Gunasekara
-
Manel Jayanthi Gunasekara
9/8 Sampath Uyana, Maththegoda Road, Maththegoda
- 094 71 4312366
- [email protected]
මානෙල් ජයන්ති ගුණසේකර, මීගමුවේ දාගොන්න නම් ගම්මානයේ ඉපිද මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූ අයෙකි. කුඩා අවදියේ පටන් පොත පත කියැවීමට දැඩි නැඹුරුවක් දැක් වූ ඈ කවි හෝ කුඩා ළමා කතාන්දර ලිවීමට දක්ෂතාවය පළ කළේ වයස අවුරුදු දහයක් පමණ වූ බාල වියේ පටන්ය. සහෝදර සහෝදරියන් අට දෙනෙකුගෙන් යුතු පවුලක හත්වැනියා ලෙස උපන් ඇයට පොත්පත් කියැවීමේ නැඹුරුව හැරුණු විට ඇගේ හැකියාවන් ඔස්සේ ඉදිරියට යෑම සඳහා පවුල් පසුබිම තුළින් මඟ පෙන්වීමත් ලැබුණේ ස්වල්ප වශයෙනි. අද වන
මානෙල් ජයන්ති ගුණසේකර, මීගමුවේ දාගොන්න නම් ගම්මානයේ ඉපිද මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූ අයෙකි. කුඩා අවදියේ පටන් පොත පත කියැවීමට දැඩි නැඹුරුවක් දැක් වූ ඈ කවි හෝ කුඩා ළමා කතාන්දර ලිවීමට දක්ෂතාවය පළ කළේ වයස අවුරුදු දහයක් පමණ වූ බාල වියේ පටන්ය. සහෝදර සහෝදරියන් අට දෙනෙකුගෙන් යුතු පවුලක හත්වැනියා ලෙස උපන් ඇයට පොත්පත් කියැවීමේ නැඹුරුව හැරුණු විට ඇගේ හැකියාවන් ඔස්සේ ඉදිරියට යෑම සඳහා පවුල් පසුබිම තුළින් මඟ පෙන්වීමත් ලැබුණේ ස්වල්ප වශයෙනි. අද වන විට ඈ දිවයිනේ ප්‍රකට ග්‍රන්ථ පරිවර්තිකාවක් බවට පත්ව සිටිය ද ඇගේ මව ඉංග්‍රීසි හෝඩියේ අකුරු විසිහය හෝ නොදත් ගැමි කාන්තාවකි.
එබැවින් ඇයට මාධ්‍ය ලෝකයට කලාවට තිබූ ඇල්ම ඔස්සේ මඟ සොයා ගැනීම සඳහා බොහෝ දුෂ්කර වෑයමක් දරන්නට සිදුව තිබුණි.
මානෙල් ජයන්ති ගුණසේකර මහත්මිය සිය ලේඛන කලාව පළමුව අරඹන්නේ පුවත්පත් වලට කවි, කෙටිකතා වැනි නිර්මාණ යැවීමෙනි. ලේක්හවුස් ආයතනයේ තරුණි,යොවුන් ජනතා පුවත්පත් වලටත්, අරලිය නමින් පළ වූ බාලිකා පුවත්පත ට ඈ මෙසේ නිර්මාණ ද සැපයුවා ය .
අනතුරුව ඇයට අර්නස්ට් වඩුගේ මහතාගේ සංස්කරණයෙන් එළි දැක් වූ සුවඳ යොවුන් පුවත්පතට සතිපතා පළවන නවකතාවක් ලිවීමට අවකාශ උදාවිය. පසුව, එම ආයතනයේම පුවත්පතක් වූ බිරිඳ ට ද ඈ නවකතාවක් හා විශේෂාංග ලිපි ලිවීම සිදු කළා ය.
මානෙල් මහත්මිය ඉංග්‍රීසි පරිවර්තිකාවක් ලෙස පරිචය ලබන්නේ පර්සි ජයමාන්න මහතාගේ මඟ පෙන්වීම යටතේ ලේක්හවුස් ආයතනයෙන් එළි දැක් වූ නව යුඟය පුවත්පතින් ය.අනතුරුව විජය පුවත්පත් ආයතනයේ සිරිකත හෝ ඉරිදා ලංකාදීප වැනි පුවත් සඳහා විශේෂාංග ලේඛිකාවක් ලෙස එක්වන ඈ පරිවර්තන ලිපි ලිවීම සඳහා වැඩි වැඩියෙන් යොමු වුවාය. පසුව, රුපවාහිනී වැඩ සටහන් නිෂ්පාදනයට ද දායක වන ඈ විවාහයත් සමඟින් මාධ්‍ය කලාවෙන් ඈත් වුවා ය. ඈ පරිවර්තන කෘතීන් රචනා කරමින් ග්‍රන්ථකරණයට එක්වන්නේ ගෘහනියක හා මවක වශයෙන් කාර්යබහුල වන අතරතුරය . එමලි කතා මාලාව හා කැතී කතාමාලාව වැනි පරිවර්තන ඔස්සේ ගොඩනැගෙන ඉල්ලුම අනුව ඈ වැඩි වශයෙන් ලෝක සාහිත්‍යයේ ළමයින් සඳහා වූ නිර්මාණ පරිවර්තනයට යොමු වුවාය.
පාසල් ළමුන් පොත්පත් කියවීම සඳහා හුරු කිරීමටත්, ඔවුනට සුදුසු කියවීම් පොත් ලබා දීමේත් උදාර අරමුණින් යුතුව ඈ ලියූ පරිවර්තන කෘතීන් කුඩා දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය වුණි. ළමා සාහිත්‍ය උදෙසා විශිෂ්ඨ මෙහෙවරක් කළ ලෝක සාහිත්‍ය කරුවන්ගේ කෘතීන් රැසක් ඒ අතර තිබේ.
එල්.එම්. මොන්ටිගොමරි ලේඛිකාවගේ එමලි කතාමාලාව, කතාන්දර දැරිය(The story girl), මැයිමල් නිම්නය(The Golden Road), යළි උපන් රුවැත්ති(The Blue Castle), කිල්මනී(Kilmeny of the Orchard) ඇතුළු නිර්මාණ කැපී පෙනේ.
ඇගේ නවතම මොන්ටිගොමරි නිර්මාණය ‘හිතුවක්කාරී ’ නමින් 2017 සාහිත්‍ය මාසය උදෙසා ,විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන් එළි දැක්වීමට නියමිතය.
එකම රටාවකට පරිවර්තන කෘති ලිවීම නොකරන ඈ මුල කෘතියේ රචකයාගේ භාෂා රටාවට අනුව ම යමින් ලියනට වෑයම් කරන බව පවසයි. ඒ අනුව ජැක්ලන් විල්සන් වැනි ළමා සාහිත්‍යයේ කැපී පෙනෙන ලේඛිකාවන්ගේ නිර්මාණ සරල සුගම බස් වහරක් ඉදිරිපත් කිරීමටත් ,(මගේ අම්මා කෝ, මගේ හොඳම යාළුවා, අක්කයි නංගියි, සුරංගනාවී වැනි ) එල්.එම්. මොන්ටිගොමරි ලේඛිකාවගේ හරවත් භාව්‍යමය බස් වහර තම පරිවර්තන කෘතීන් තුළින් විදහා දැක්වීමටත් ඈ සමත් ය.
ඈ විසින් පරිවර්තනය කරන්නට යෙදුණු චීනයේ මාඕ පාලන සමයේ සත්‍ය සිදුවීම් අළලා ලියා තිබෙන නියෙන් චෙන් ලේඛිකාවගේ Life and death in shanghai කෘතිය සිංහල පරිවර්තනය ෂැoහයි කඳුළ 1 හා 2 නමින් එලි දැක් වී තිබේ. එය තමා මෙතෙක් ලියූ කෘතීන් අතරින් වැඩිහිටි පරිණත පාඨකයින් වැඩිම පිරිසකගේ ප්‍රතිචාරය හිමි වූ පරිවර්තනය බව මානෙල් ජයන්ති ගුණසේකර මහත්මිය පවසන්නීය.
ලේඛන කලාවේ විවිධ පරාසයන් ඔස්සේ සිය නිර්මාණශීලී හැකියාව විදහා දක්වා තිබෙන ඇය සිනමා තිර රචනය, කෙටිකතා, කවි, නවකතා වැනි විවිධ අංශ ඔස්සේ හැකියාව මෙහෙය වීමට කැමැත්තෙන් සිටිය ද අද තමාට පරිවර්තන කෘතීන් අතර සිරගතව සිටීමට සිදුවීම දෛවයේ සරදමක් බව ඈ පවසන්නීය. එයට හේතුව පොත් ප්‍රකාශකයින් වැඩිපුරම ඉල්ලා සිටින්නේ පරිවර්තන කෘතීන් පමණක් වීමය.
Count of books {{productCount}}
{{product.productName}}
USD {{product.specialPrice | number:2}} USD {{product.productPrice | number:2}}
Save USD {{(product.productPrice - product.specialPrice) | number:2 }}