මම ඉන්නේ අපායේ වෙන්න ඇති

වෙනත්

By L. S. S. Pathirathna

Published By Wijesooriya Grantha Kendraya

මාරියා කැරොලිනා ඩි ජීසස් නිසි අධ්‍යාපනයක් නොලද බ්‍රසීල ජාතික නීග්‍රෝ ගැහැනියකි. ඈ එකම පියෙකුගේ නොවන අවජාතක දරුවන් තිදෙනකුගේ මව වුවාය. සාඕ පවුලෝ මුඩුක්කුවක තමා විසින්ම තනාගත් පැල්පතක වසර දොළහක් තනියම ජීවත් වූ ඇය ජීවිකාව සඳහා කළේ ඉවතලන කඩදාසි, සහ වෙනත් අබලි ද්‍රව්‍ය එකතුකර විකිණීමය. කෑම සොයාගැනීම සඳහා කුණු බාල්දි සහ කසල ගොඩවල් ඇවිස්සු ඇය ලියු විවිධ දේ අතර විශේෂ වැදගත්කමින් යුතු වුයේ දින සටහන්ය. විවේකයක් ලැබූ සෑම අවස්ථාවකම ඇය ලීවාය. මේ දින සටහන්වල ලියවී ඇත්තේ මුඩුක්කු ජීවිතය තුළ මුල් බැසගෙන තිබු කුසගින්න, බේබදුකම, ගණිකා වෘත්තිය හා ප්‍රචණ්ඩත්වය පිලිබඳවය. මෙය ලොව කොතැනක හෝ මෙවැනි පරිසරවල ජීවත්වන මිනිසුන්ගේ පරිහාණියට පත් ගොචනීය ජීවිත පිළිබඳ ලියවුණු සත්‍ය විවරණයක් සහිත සම්මානයට පත් කෘතියකි.

USD 3.43

Available

Product Details

  • 978-955-691-124-4
  • Sinhala
  • 257
  • 212g