මදුරාසි කොලුවා

නවකතා

By Neel Wijerathne

Published By Wijesooriya Grantha Kendraya

“ බස් සමාගම්කරුවන්ගේ දිගු චාරිකාවලට මගීන් අද්දන ඝෝෂකයකු ලෙස කැඩුණු ඉංගිරිසියෙන් හඩ දෙන මේ කුඩා මදුරාසි කොලුවාගේ මෙම ‘ශබ්ධ ශාස්ත්‍රයේ’ යථාර්තය ලේඛකයා හෙළි කර දෙන්නේ පාඨකයා සංවේගයෙන් සලිත කරමිනි. ලේඛකයා ‘දෑසින් සිනාසෙන’ යුවතියකගේ චරිතය කුඩා සිත්තමකට නගන්නේ මහා වෙළඳ නගරවල තම තමා තුළම තනි වන නුතනයගේ හදවතේ ගීතය එහි යටිපෙළෙන් ස්වාරගත කරන කවියෙකු පරිද්දෙන. මේ තීරු රචනා සංග්‍රහයෙහි විශ්ෂිඨත්වය අන් කිසිවක් නොව ඉන්දියානු මනසේ සුවිශේෂී හැඩය සිංහල පාඨකයාට හදුනාගත හැකි කැඩපතක් වීමය. “ පරාක්‍රම කොඩිතුවක්කු (ලංකාදීප - වීමංසා සාහිත්‍ය සංග්‍රහය) “ නීල් විජේරත්නයන්ගේ භාෂා භාවිතය, සංවාදශිලිත්වය, පරිකල්පනය හා ආඛ්‍යාන රිතීය ශුර නවීන කෙටිකතාකරුවෙකුට සමානය. එබැවින්අප මේ කියවන්නේ හුදු සම්මත තීරු රචනාවකින් නොව පරිකල්පනයෙන් පෝෂිත නිර්මාණයක් යැයි හැගේ.” මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර (ලංකාදීප - වීමංසා සාහිත්‍ය සංග්‍රහය) “ නවීන ගමන් විත්ති ලේඛන කලාව මනාව පුරුදු පුහුණු කළ කෙනෙකි, නීල් විජේරත්න, මදුරාසි කොලුවා, බෙන්ගාල යෙහෙළිය සහ කේරල නළගන යන ග්‍රන්ථ ත්‍රිත්වය ඒ බව සනාථ කරාවයි. ගමන් විත්ති ලියන්නන්ගේ නව පන්තියේ නිල ඇදුම, ඔහු තරම් ජැන්ඩියට ඇද පැළඳ සිටින්නකු මෑත භාගයේදී අපේ ලේඛකයන් අතර දක්නට නොවීය. රස්කින් බොන්ඩ්, කුෂ්වන්ත් සිං, නෙයිපොල් සහ වික්‍රම් සෙත් යන සිවු දෙනාගේ සංකලනයක් බඳු නීල්ගේ රචනා ශෛලිය ඔහු කියන ගමන් විත්තියට රසවත් කෙටිකතාවක හැඩරුව ලබා දෙයි. කපිල කුමාර කාලිංග (ලක්බිම ඉරිදා සංග්‍රහය)

USD 2.71

Available

Product Details

  • 978-955-652-642-4
  • Sinhala
  • 320
  • 229g