20 %

ළමා මනාලියකගේ කඳුළු කතාව

පරිවර්තන

By L. S. S. Pathirathna

Published By Wijesooriya Grantha Kendraya

සානියා ක්‍රැවන් එංගලන්තයේ ජීවත්වූ වයස අවුරුදු දහතුනක ගැහැණු ළමයෙකි. පාසල් ගිය, අසල්වැසි පංති මිතුරන් සමඟ පාපන්දු ක්‍රීඩාකළ ඇය ආදරණීය දෙමාපියන් සමඟ ගතකළේ ප්‍රීතිමත් ජීවිතයකි. නමුත් ඇගේ ඉරණම වෙනස් වූයේ පියාගේ මරණයත් සමඟය. ඉංග්‍රීසි ජාතික සැමියාගේ මරණයෙන් පසු සානියාගේ මව ඇය රැගෙන තම උපන් බිම වූ ඉන්දියාවට පැමිණෙන්නේ පවුලේ අය සමඟ නිවාඩුවක් ගතකිරීම සඳහාය. නමුත් මෙය නිවාඩුවක් නොවන බවත් තමාට ජීවිත කාලයම මෙහි ගතකිරීමට සිදුවන බවත් සානියා දැන නොසිටියාය. එය සංස්කෘතීන් දෙකක් ගැටෙන, අවිචාරවත් අදහස් රජකරන, බලහත්කාර විවාහ, කිසිදු ප්‍රශ්න කිරීමකින් තොර ලිංගික අපචාර හා ගැහැනුන් පහත්කොට සලකන ලෝකයක්ව තිබිණි. ඇගේ මව නැවත විවාහවූ අතර සානියා යොමුවන්නේ ද බලහත්කාර විවාහයකටය. එංගලන්තයේ තම නිවස වෙත ආපසු යන මඟක් සොයාගන්නා තුරු ඇයට කෙසේ හෝ ඉන්දියාවේ හින්දු සංස්කෘතියට අනුව ජීවත්වීම ඉගෙනගත යුතුව තිබිණි. නමුත් ඒ කෙසේද? ඇගේ ශෝකාකූල විලාපය ඇසෙන්නේ කාටද? ඇගේ කඳුළු පිස දැමීමට ඉදිරිපත්වන්නේ කවුද? ඇය මහත් ඕනෑකමින් හා ආශාවෙන් බලාපොරොත්තුවූ නිදහස සොයාගැනීමට ඇයට කෙතරම් පරිත්‍යාග කිරීමට සිදුවූයේ ද?

USD 2.00 USD 2.50

Save USD 0.50

Available

Product Details

  • 978-955-691-081-0
  • Sinhala
  • 223
  • 280g