කිසිවෙකු ට නොවුමනා
Published By Wijesooriya Grantha Kendraya
මව විසින් සෙලිනි රොබර්ට්ස් ව අත්හැරියේ පස්මස් හැවිරිදි දැරියක ව සිටිය දී ය. හදාගත් මව ගේ අනුදැනුමෙන් වැඩිහිටි පිරිමියෙකු වෙතින් සත් හැවිරිදි සෙලිනි මුල්වරට අතවරයට ලක්වූයේ තම පළමු සත්ප්‍රසාද දිනයේ දී ය. එයින් ඇගේ අතපයේ අස්ථි බිඳුණා පමණක් ම නොව නාසය තැලී පොඩිවුණි. එතැන් සිට හදාගත් මව විසින් ඇය ව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියෙහි යෙදවූයේ පවුලේ ආදායම් මාර්ගය ලෙසිනි. ඇය ජීවිතය පවත්වාගත්තේ පල්ලියේ දැල්වූ ඉටිපන්දම් ආහාරයට ගැනීමෙනි. කටුක අත්දැකීම් හා වේදනාව ඔඩු දිවූ ජීවිතය ඇය තම මාපියන් සෙවීමේ අසීරු කාර්යයකට යොමු කළා ය. එපමණක් ම නොව හුදකලා සටනකින් ජීවිතය ගොඩ නැගූ සෙලිනි රොබර්ට්ස් වසර 2002 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ බෲක්ස් පාසලෙන් ස්නායු වෛද්‍ය විද්‍යාව හා පුනරුත්ථාපනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමි කරගත්තේ අකාරුණික දෛවයක ට හිමිකම් කියන ලොව සැම ට ආදර්ශයක් වෙමිනි. වර්තමානයේ බ්‍රිතාන්‍යයේ සරේ ප්‍රාන්තයේ ජීවත් වන ඇය තම ජීවිතයේ සයවන දශකය ගෙවන්නී ය.
USD 4.29
Available
Product Details
- 978-955-691-193-0
- Sinhala
- 329
- 400g