20 %

කේරළ නළඟන

පරිවර්තන

By Neel Wijerathne

Published By Wijesooriya Grantha Kendraya

නීල් විජේරත්න විසින් විරචිත ‘මදුරාසි කොලුවා ’ සහ ‘බෙංගාලි යෙහෙළිය ’ ගමන් මගේ තවත් දිගුවක් සේ සැලකිය හැකි ‘කේරළ නළඟන ’ නමැති මේ භාරත සැරිසර සටහන් මාලාවේ දී අපට හමුවන ‘සංචාරකයා ’ ඉන්දියානු බිම් තලයේ තමා අසන - දකින - කියවන සෑම සියලු දෙයකින් මැ අපූර්වාකාර ආස්වාදයක් අත්විඳී න්නෙකි . පොන්ඩිචෙරි,මදුරාසිය,බැංගලෝරය,බොම්බාය,කල්කටාව සහ නව දිල්ලිය වැනි විසල් නගර පසු කැර යන හෙතෙම බොහෝ විට ඇසුරුකම් පවත්වනුයේ නූතන ඉන්දියානුවා මතු නොව ඉන්දියානු නූතනයා සමඟ ය. අප අසල්වැසියාගේ වත්මන් දිවි පැවැත්මේ හද ගැස්ම මේ යයි ඒත්තු ගන්වන ආකාරයේ නවමු අත්දැකීම් මාලාවක් ‘කේරළ නළඟන ’ කෘතියට පාදක වී ඇත. මේ කෘතිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් පැවති 2009 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේ විශිෂ්ටතම ලිපි සංග්‍රහය සඳහා සම-සම්මානය ලද්දේ වෙයි. ‘කේරළ නළඟන ’ රචිත නීල් විජේරත්න නීති උපාධිධරයෙකි; වෘත්තියෙන් නීතිඥවරයෙකි; සිංහල-ඉංග්‍රීසි ද්විභාෂාවෙන් නිර්මාණකරණයෙහි ද, තීරු ලිපි රචනයෙහි ද යෙදෙන්නෙකි. කොළඹ මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයයේ අකුරු කළ නීල්ගේ කුලුඳුල් නිර්මාණය 1968 දී පළ කළ ‘මීදුම අතරින් ’ නවකතාව ය.

LKR 344.00 LKR 430.00

Save LKR 86.00

Available

Product Details

  • 978-955-652-39-59
  • Sinhala
  • 334
  • 275g