මම චිත්ර ශිල්පියෙක්.
කුඩා කාලෙ ඉඳලා මම වම් අතින් අඳින්න පුරුදු වුණා. දකුණු අතින් ලියන්න ඉගෙන ගත්තා.
ලියන්න ඕනෑ දකුණු අතින් විතරමයි. දැන් මම කතන්දරයක් ගැන හිතනකොට දකුණු අතේ පෑන. වම්
අතේ පැන්සලය නැත්නම් පින්සල. ඒක හුඟක් පහසුයි. දකුණු අතින් කතාන්දරය ලියනවා. ඒ අතර
වම් අතින් විනෝදමත් විහිළු චිත්ර අඳිනවා.
බාගදා අනික් අතට වෙන්නත් පුළුවන්. ඉස්සරවෙලා වම් අතින් චිත්ර අඳිනවා. ඊට පස්සෙ
දකුණු අතින් ඒකට ගැලපෙන කතාන්දරය ලියනවා. මෙන්න මෙහෙම මගේ පුංචි මිතුරන්ට මගේ
දෑතින් ම හිත්ගන්නා විනෝදමත් කතන්දර හා පින්තූර දෙන්න මම මහන්සි ගන්නවා.
මේ පොත කියවනකොට මෙහි චිත්ර ඔබ බලනවා ඇතැයි මම හිතනවා. මගේ වීරයන්ට ආදරය කරතැයි
මම හිතනවා. මගේ කතාවලින් ඔබ විනෝද වෙනවා විතරක් නෙවෙයි,
ඒවා ගැන මොනව හරි හිතන්න, අඳින්න කරන්න ඔබට පුළුවන්
වෙතැයි මම හිතනවා. බාගවෙලාවට ඔබ සන්තෝසෙන් නිකම්ම හිනාවෙන්න විතරක් පුළුවන්.
- ව්ලදිමිර් සුතේයෙව්
Author |
|
Language | Sinhala |
Pages | 165 |
ISBN New | 978-955-652-600-4 |