ජවිපෙ දෙවෙනි කැරැල්ල

දේශපාලන

By Dharman Wikramarathna

Published By Karthru Publishers

ලාංකීය දේශපාලන ඉතිහාසයේ ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවති ජවිපෙ 2වැනි කැරැල්ල හැඳින්විය හැකිය. එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදන් වූ සංඛ්‍යාව 41,813 වේ. එහෙත් මානව හිමිකම් සංවිධාන වාර්තාවන්ට අනුව 2වැනි කැරළි සමයේදී ඝාතනයට සහ අතුරුදන් වීමට ලක්වූ සංඛ්‍යාව 67,652කි. මින් 6,661 කැරළිකරුවන් අතින් ඝාතනයට ලක්වූ අතර ප්‍රා සංවිධානය මගින් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,222කි. සෙසු සියළු දෙනා ඝාතනයට පත්වූයේ ආරක්ෂක අංශ ඇතුළු එයට සෘජු සහ වක්‍ර සම්බන්ධකම් පැවතුනැයි කියන අතුරු හමුදා කණ්ඩායම් වූ කලු බළල්ලු, ස්‍රා, උකුස්සා, රාජාලියෝ, කහ බළල්ලු, කොළ කොටි, රතු මකරු, මාපිලා, ගෝනුස්සා, නී, කේසර සිංහයෝ, ලේ මාපිල්ලු, කළු කොටි වැනි සංවිධානයන් ගෙනි. ජවිපෙ 2වැනි කැරළි සමයට පාදක වන මෙම ග්‍රන්ථයේ කතුවරයා වූ ධර්මන් වික්‍රමරත්න, එම ඇතැම් සිද්ධීන් සියසින් දුටු බොහෝ කථා නායකයින් වෘත්තීයව ඇසුරුකළ සහ පැනනැගුණු සිද්ධි මාලාවන් වාර්තාකළ එවකට දිවයින කර්තෘ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකි. එමෙන්ම ග්‍රන්ථයේ ඇතුළත් තොරතුරු අදාළ පාර්ශවයන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා 376කින්ද, දුරකථන සාකච්ඡා සිය ගණනකින්ද, ගවේෂණ, පර්යේෂණ සහ සමීක්ෂණ මගින්ද සොයාගත් දත්ත සහ ඓතිහාසික කරුණු රැසකින්ද පොහොසත්ය. මෙහි රචනා ශෛලිය බෙහෙවින් තියුණුය. සත්‍යවාදීය. එමෙන්ම අනුගත රීතියද වෙනස්ය. බස සරළය. වසර 27කට පසු හෙළි කළ 1986 සිට 1990 දක්වා පැවති 60,000කට අධික සංඛ්‍යාවක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරැල්ලේ සත්‍ය කථාවේ ප්‍රථම කාණ්ඩය මෙය වේ. පිටු 880කින් යුත් මෙහි ඡායාරූප 1,289ක් ඇතුළත්ය. මෙමගින් කියනුයේ යථාර්ථවාදී ඉතිහාසය කිසිවෙකුට වැළලිය නොහැකි බවය. වර්තමානයේ ජීවත් වන වයස 40 අඩු අය කිසිදා නොදුටු එහෙත් ඔවුනට අසන්නට පමණක් ලැබුණු සහ ජවිපෙ 2වැනි කැරැල්ෙල් අැතුළාන්තය පිළිබඳ තතු ෙනාදන්නා අයටද ඒ අසම්පුර්ණ අතීත සිදුවීම් මාලාව පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ෙමම ග්‍රන්ථයෙන් විද්‍යමාන වේ.

USD 10.71

Available

Product Details

  • 978-955-50453-4-6
  • Sinhala
  • 878
  • 993g