ජීවන මිහිර
Published By Wijesooriya Grantha Kendraya
‘සැනසුම පිණිසයි’, ‘ඇසට නොපෙනෙන සිතට නොදැනෙන’,’බිතු සිතුවම් වැනි මිතුදම්’,’මිහිරි හැඟුම්’,’ආදරයයි කරුණාවයි’ යනාදී වශයෙන් මා ලියා පළ කළ කෘති මාලාවට එකතු වන අලුත්ම කෘතිය මෙයයි . පසු ගිය කාලයේ එක දිගටම මට සවන් දෙන්නට වුණේ ‘බිඳුණු විවාහයන්’ සම්බන්ද අනුවේදනීය සංසිද්ධීන්ටය.ඒ බොහෝ අත්දැකීම් ඔස්සේ අනාවරණය වූයේ ‘සැමියෙකු ’නැතහොත් ‘පුරුෂයෙකු ’ සාපරාධී අන්දමට විශ්වාසය බිඳ දමා තිබෙන අන්දමයි.බිඳුණ පවුල් හා සම්බන්ධ අත්දැකීම් බොහොමයක ‘පොදු බවක්’ විය.ඊට හේතුව කුමක්ද?. බොහෝ දෙනෙකුට මානව ධර්මතා ගැන අනවබෝධය හෝ මානව ධර්මතා අවප්‍රමාණ කිරීම යැයි මට සිතිණි. මේ කෘතියට “ජීවන මිහිර ” යන නම යෙදීමට සිතුණේ කරුණු දෙකක් නිසාය.එක් කරුණක් එන්නේ වන්නේ මෙහි ඇතුළත් ශෝචනීය අත්දැකීම්වලට කේන්ද්‍රීය වූ චරිතය නිතරම “සාධනීය වූ ජීවන ආකල්පයක් ” කුළු ගැන්වීමය. අනෙක් කරුණ වන්නේ,අනපේක්ෂිතව අසනීපව සිටින විට මසිත සුවපත් කළ හිත මිතුරන්,ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දැන හඳුනාගත්ප පුද්ගලයන් මා වෙත දැක්වූ හිතෛෂීභාවය ඔස්සේ මා අත් වින්දෙත් අපූරු ‘ජීවන මිහිරක් ’ බැවිනි.
USD 3.57
Available
Product Details
- 978-955-691-052-0
- Sinhala
- 389
- 326g