ජවහර්ලාල් නේරු - I
By Leelananda Gamachchi (ලීලානන්ද ගමාච්චි)
Published By Wijesooriya Grantha Kendraya
ජවහර්ලාල් නේරු තුමා යනු, වර්තමාන ඉන්දියාවේ ඉරණම සහ නුතන ඉතිහාසය සමග ආසන්න ලෙස බැදී ඇති සුවිශේෂ චරිතයකි. ඔහු 1934 – 35 කාලයේ බනධනාගාරයේ සිටිමින් ලියා ඇති ආත්ම චරිත කථාව, පුද්ගලකු ගේ කතන්දරකින් ඔබ්බට ගිය ජාතියක දේශපාලන පිබිදීම සහ ප්‍රබල අධිරාජ්යකට එරෙහි ව කළ මහා අරගලයක් සමබන්ධ වෘතාන්තයෙකි. නවීන සමාජයක් සොයා යෑමේ සහ මහා අතීත උරුමයක් ස්ථානගත කිරීමේ විශ්මිත උත්සාහය එහි නිරුපණය වේ. සුවිශ්ෂ චාතුර්යයකින් සහ අසාමාන්‍ය අවංක භාවයකින් රචනා කර ඇති මේ කෘතියෙහි ජාතික විමුක්ති ව්‍යාපාරයේ නිරත වූ මහත්මා ගාන්ධි ප්රමුඛ උදාර නායකයන් ගේ විස්තර තුලින් කතුවරයා ගේ සුවිශේෂී ප්‍රතිරූපය කැපී පෙනෙයි. ජාතියට ගැඹුරු ආදරකින් ප්‍රශ්න නගමින් සත්‍යය සොයා යන ප්රජාතන්ත්රවාදයට සහ ලෞකික අභිවෘද්ධියට අත්‍යන්තයෙන් කැප වූ අනුපම මහා පුරුෂයෙකු ඔබට මෙහි හමු වනු ඇත. තමන් ලද දුර්ලබ මනුෂ්‍යත්වය තම වර්ගයා ගේ උපරිම යහපතට කැප කරනු කැමති ඕනෑ ම පුද්ගලයෙකුට නේරු චරිතය මහා පහන් ටැඹකි.
USD 5.00
Available
Product Details
- 978-955-691-107-7
- Sinhala
- 551
- 700g