හුදෙකලාව
Published By Wijesooriya Grantha Kendraya
අපේ මහ ගෙදරට පේන මානයේ කළුවර ගසක් ඇත. එය මපියා විසින් සිටවන ලද්දක් බවය මා අසා තිබෙන්නේ. අපේ වත්තේ අනෙක් ගස් සහ මේ ගස සම්බන්ධව මට කියන්නට දෙයක් තිබේ. එය නම්, අපේ වත්තේ සමහර වටිනා ගස් සිටවන ලද කාලය ගැන මට හැඟීමක් තිබීමය. සමහර ගස්, ලොකු ගස් ලෙස වැඩුණ අන්දම ගැන මට පැහැදිලි අවබෝධයක් ඇත. බොහෝ ගස්, මෝරා වැඩුණ ගස්, විවිධ හේතු කාරණා මත කපා දැමූ අන්දම ගැන මට අත්දැකීම් ඇත. එනමුත් කළුවර ගස මා දුටුවේ නොවැඩෙන ගසක් ලෙසිනි. වෙන අන්දමකට කිවහොත් ඒ ගස වැඩෙන සැටි මම නොදුටුවෙමි. ඒ කළුවර ගස පැරණිය. වනස්පතියක් නූන ද එය ලොකු ගසකි. එය වටිනා ගසකි. කිසි විටෙක ඒ ගස කපන්නට කිසිවෙකු උත්සාහ කළේ නැත. එහි අත්තක්වත් කිසිම හේතුවක් නිසා හෝ කපා දැමුණේ ද නැත. ඒ ගස මා තුළ කිසියම් ගුප්ත හැඟීම් උපදවන්නේය. ඒ ගස තිබෙන හරිය ද කළුවරය. ගසේ දර්ශනයත් කළුවරය. ගසත් කළුවරය. මට බොහෝ වර සිතුණේ ඒ ගස හා මා අතර සමානත්වයක් තිබෙන බවයි.
USD 3.79
Available
Product Details
- 978-955-691-161-9
- Sinhala
- 327
- 280g