හැම තාත්තෙකුගේම සිතිවිලි

වෙනත්

By Mahesh Rathsara Maddumaarachchi

Published By Pahan Publishers

ඔබ හොඳයි ..................හැම පිරිමියෙකුට ම වඩා ............... හැබැයි මගේ තාත්තා තරමට නම් නොවෙයි .................... දූගේ පොතක අන්තිම පිටුවේ දුක හිතෙන පද හතරක් පුදුමාකාර ලස්සන ,ඇස්වල කඳුළු තවරන පද හතරක් ,කවුරුම හරි දූගේ හිතේ ආදරය තවරන්න හදනවා .හැම ගෑනු දරුවෙක් ම තමන්ගේ තාත්තාට රූපෙන් ,ගතිගුණෙන් සමාන පිරිමින්ට කැමතියි .දූගේ කවිය මාව අතීතේ දවසකට ගෙනියනවා .තාත්තා වැඩිපුරම ආදරේ කරපු ගැහැණු චරිතයක් එක දවසක තාත්තාගෙ ජීවිතෙන් ඈතට ගියා.අද දූ කගේ හරි හිතෙන් පිටමං වෙන්න හදනවා වගෙයි .මේ දරාගන්න බැරි පසුතැවීම ඇරඹුනේ එතැනින්.එහෙම වුණා කියලා මං කොහමද මගේ දූගේ මේ කවිය වෙනස් කරන්නේ .ඒ වුණාට මට ඔයයිට කතා කරන්න ඕන වුණා .අඩුම ගානෙ මේ “කාත් කවුරුවත් නැති කවිය ගැනවත් ”.”ඔයාට ලස්සනට ලියන්න පුළුවන්නෙ.” හවස තේ බොන වෙලාවේ මං කිව්වා . දූ ඔලුව ඉස්සුවේ චකිතෙන් .......... මං කා ගැන කිව්වද කියලා එයයිට හිත ගන්න බැරි වෙන්න ඇති .ඒත් ළඟ උන්නේ අපි දෙන්නා විතරමයි . “මටද ?” දූ ඇහුවෙ ඇස් ලොකු කරලා .”ඔව්...... මං ඔයා ලියපු කවියක් කියෙව්වා . ” තරමක් හිනා වෙලා ඔයා ඔළුව ඔබා ගත්තා.”කා ගැනද මගේ දූ ලිව්වෙ ” “කා ගැනවත් නොවෙයි ..............” “දූ තත්තිට බොරු කියනවා .............”

USD 3.21

Available

Product Details

  • 955-9060-70-8
  • 223
  • Sinhala
  • 251g