ගිනි කුරුල්ලා

පරිවර්තන

By Susantha Kodithuwakku

Published By Wijesooriya Grantha Kendraya

USD 4.07

Available

Product Details

  • 978-955-138-779-2
  • Sinhala
  • 279
  • 250g


Read And Excerpt

විල්බර් ස්මිත් නමැති දකුණු අපිකානු ලේඛකයා අද ලොව සිටින ජනප්‍රියම නවකතාකරුවන් අතර ඉදිරියෙන්ම සිටි. ඉතා රසවත් කතන්දර කීමට ඔහුට පුදුම දක්ෂතාවක් ඇත. ඔහුගේ පොත්වල පිටපත් මේ වන විට මිලියන හැටපහකට වඩා විකිණී ඇති අතර ඔහුගේ කෘතී දැනට භාෂා විසි හයකට පරිවර්තනය වී ඇත. ඔහුගේ කතා කිහිපයක්ම චිත්‍රපට හා ටෙලි නාට්‍ය සඳහා ද ගෙන ඇත.
මෙම කතාව වූ කලී බෙන්ජමින් කාසින් නැමැති පුරාවිද්‍යාඥයා හා ලොරේන් ස්ට්‍රවැසන් නැමැති කෝටිපතියා වටා ගෙතුණු කතාවකි. කතාවේ හැටියට ඔවුන් දෙදෙනා එකතුව මෙහෙයවනු ලබන මෙම පුරාවිද්‍යා ගවේෂණය හේවාඩ් කාටර් විසින් මිසරයේ ටුටන්කාමන් රජු ගේ සොහොන් ගැබ සොයා ගැනීමෙන් පසුව ලොව කරන ලද විශාලතම පුරාවිද්‍යා කැණීම්යි. මේ පුරාවිද්‍යා කැණීම් වලට අමතර ව ඔවුන් මුහුණ දෙන ත්‍රස්තවාදී ප්‍රහාර සහ ඔවුන් ගේ ආදර සම්බන්ධතා ගැන ද ඉතා රසවත් විස්තර මෙහි පළමු කොටසින් දැක්වේ. කතාවේ දෙවැනි කොටසක් ද ඇත. එයට අනුව මේ සියල්ලන්ම පෙර ආත්මයක දී ද එක්ට ජීවත් වී ඇත. වඩාත් පැහැදිලිව කියතොත් දෙවැනි කොටසින් දැක්වෙන්නේ පුනරුප්පත්ති කතාවකි. එය බටහිර රටක නවකතාකරුවෙකු කලාතුරකින් කරන දෙයකි. ගිනි කුරුල්ලා නමින් ඔබ අතට පත්වන මේ නවකතාව අපූරු ආශ්වාදයක් අත්කර දෙනු ඇත.