දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද?

වෙනත්

By Prof. Sarath Wijesooriya

Published By Wijesooriya Grantha Kendraya

මා බොරුකාරයෙක් නම්, ළමයින්ට ඇත්ත කීමට ඉගැන්වීමෙන් පලක් නැත. ශිෂ්‍යයින්, නිර්භීත කිරීමට බිය ගුලු ගුරුවරයෙක් කිසි දිනෙක සමත් නො වනු ඇත. ආත්ම සංවරයට අමුත්තකු වූවකුට තම ශිෂ්‍යයින්ට ආත්ම සංවරයේ අගය කිසි දාක ඉගැන්වීමට නො හැකි වනු ඇත. මහත්මා ගාන්ධි ඔබ ක්‍රෑර පුද්ගලයෙකුය යන හැඟීම ළමයා තුළ ඇති වීමට ඉඩ හැරිය හොත් ක්‍රෑර පුද්ගලයකු බවට පත්වීමට තුඩු දිය හැකි ළමයා තුළ පවතින ආවේගයෙන් පාලනය කිරීමේ බලය ඔබට අහිමි වනු ඇත. බර්ට්‍රන්ඩ් රසල් ගුරුවරයා දෙන අධ්‍යාපනයට වඩා ඔහුගේ හැසිරීම් රටාව කොතරම් දැඩි ලෙස සිසුන් උකහා ගත්තේ ද යන වග මට දැන් වැටහෙයි. කිසි ම උත්සාහයකින් තොර ව, මගේ ගුරුවරුන් ගේ නොයිවසිලිමත් කම, කේන්ති යෑම, පක්ෂග්‍රාහී කම හා අසාධාරණය මගේ සිත තුළට කිඳා බැස තිබිණ. එනමුදු ඔවුන් ගේ ඉගැන්වීම් මගේ සිතෙහි රැඳුණේ නැත. මේ කුරිරු ක්‍රියා එකකුදු පණ ඇති සතෙකු කෙරෙහි පෑමට මා සමත් නො වීම මා ලත් එක ම සැනසීමයි. රවීන්ද්‍රනාථ ඨාකූර් මම බියගුලු ළමයකු වීම එසේ වුවත්, ළමුන්ගේ ස්වභාවයට අනුව මා මුරණ්ඩු ද වූ බව මට විශ්වාසය. අම්මා ද මා නරක් කළ බව නිසැක නමුත්, මා මෙල්ල කර ගැනීමට අසීරු වූ බවක් වත්, කාරුණික වචනයකින්, මිතුරු බැල්මකින් හෝ ළෙන්ගතුව අතින් අල්ල ගැනීමකින් හෝ මට කියා යමක් කරවා ගැනීමට නොහැකි වූ බවක් වත් මම විශ්වාස නොකරමි. ෆ්‍රාන්ස් කෆ්කා

USD 3.21

Available

Product Details

  • 978-955-652-485-7
  • Sinhala
  • 258
  • 303g