හොඳම නවකතාව
රාජ්‍ය සාහිත්‍ය සම්මානය 1973
ගව්වෙන් ගව්ව පියමං කළ අප්‍රමාණ මිනිස් පරපුරක සදාතනික පැතුම...
රිදී නිම්නය
එක්තරා පාළු භූමියක් නානා දෙසින් පැමිණි පිරිසක ගේ ජනාවාසයක් බවට පත් විය. කල් යෑමේදී ඔවුන්ගේ ජනපදය නොයෙකුත් පරිවර්තනයනට අසු විය. සියල්ල වෙනස් වුණත් කිසිම වෙනසකට අසු නොවුණු ධර්මතාවයක් ද ඇත. එනම් ඔවුන් එක පොදියට පෙළන බඩ ගින්නයි.
දෑතෙහි මහන්සිය එකම ධනෝපායන මාර්ගය කොටගත් මේ ස්ත්‍රීහුද පුරුෂයෝද දුප්පත් කමේ සෙවනැල්ල විසින් නිරන්තරව ලුහු බඳිනු ලැබ අඛණ්ඩ ජිවිත සටනක යෙදුණෝය.
මේ අතර ඔවුන්ගේ දූ දරුවෝ වැඩෙන්නට වූහ. වැඩෙන දූ දරුවෝ ඉගෙන ගත්හ. නව බලාපොරොත්තු ප්‍රාර්ථනා හා අපේක්ෂාවන් ගොඩ නගා ගත්හ. ප්‍රේම කරන්නට හා දේවේෂ කරන්නට, විස්වාස කරන්නට හා සැක කරන්නට, ප්‍රශ්න කරන්නට හා පිළිතුරු සොයන්නට පටන් ගත්හ.
රිදී නිම්නය වනාහි... ඒ ස්ත්‍රී පුරුෂයන්ගේත් දූ දරුවන්ගේත් කතාන්දරයයි.
Author | Karunasena Jayalath |
Language | Sinhala |
Pages* | 0 |