ෆ්ලොරන්ස් නේවාසික කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබමින් සිටි
ඌනා, මවගේ මරණින් පසු පැරිසියේ චිත්‍ර ශිල්පීන්ගේ මධ්‍යස්ථානය වූ මොන්මාට්‍රා වෙත
ආපසු පැමිණියේ පියා වූ ජූලියස් තුරෝගේ දැනුම්දීමට අනුව ය.
මොන්මාට්‍රා චිත්‍රාගාරය වෙත පැමිණි ඇයට දැනගැනීමට
ලැබෙන්නේ ඇගේ පියා මියගොස් ඇති බවය. ඇය සිය පියාගේ චිත්‍රාගාරය තුළ තනිවූයේ
පිළිසරණක් නොමැතිවය. එහිදී ඇයට එහි පැමිණෙන චිත්‍ර වෙළෙන්දෙකු හා විනෝදකාමීන්ට
සහායිකාවන් සපයන ෆිලිප් ඩියුබියුෂෙරොන් හමුවන්නේ අහම්බයෙනි. ඔහු ජුලියස් තුරෝගේ
චිත්රාගාරයට යන්නේ පුරුදු ගැනුම්කරුවකුට විකුණා ගැනීම සඳහා චිත්‍රයක් සොයා ගැනීමටය.
මේ අතර වොල්ස්ටැන්ටන් ආදිපාදවරයා එංගලන්තයේ සිට
පැරිසියේ නිවස වෙත පැමිණෙන්නේ පෞද්ගලික කරදරයකින් නිදහස්ව විවේකයෙන් පසුවන
බලාපොරොත්තුවෙනි.
ඒ චිත්‍ර ආදිපාදවරයාට විකුණා ගැනීමට කටයුතු කරන ෆිලිප් ඩියුබියුෂෙරොන්
ඌනාවද ආදිපාදවරයා වෙත රැගෙන යන්නෙ ඇය
වෙනුවෙන් කිසියම් සුදුසු වැඩ පිළිවෙලක් සකස් කර දෙන බව සඳහන් කරමිනි.
Author |
|
Language | Sinhala |
ISBN New | 978-624-566-435-1 |
Pages* | 0 |
There are no reviews yet