බෙංගාලී යෙහෙළිය

නවකතා

By Neel Wijerathne

Published By Wijesooriya Grantha Kendraya

“බෙංගාලී යෙහෙළිය” වූකලී භාරතයේ මහා නගර මෙන් ම කුඩා නගර ද පසුබිමේ තබා මෙහි කතුවරයා තමාට මඟතොට - යනෙන තැන මුණ ගැසුණු නෙක තරාතිරමේ ගැහැණු - පිරිමි ගැන ද ඒ නුවරුන් ගේ අත්දැකීම් සහ ගතිපැවතුම් චර්යාවන් ගැනද විචත්‍රණය කරමින් ලියැවුණු තීරු ලිපි මාලාවක් ඇසුරෙන් තෝරා ගත් කතා සමුච්චයකි.කල්කටාව,බොම්බාය, දිල්ලිය, බැංගලෝරය සහ මදුරාසිය ඇතුළු තවත් බොහෝ විසල් නගරයන්හි මුණ ගැසෙන මේ ලොකු -පොඩි ඉන්දියානුවන් සමඟ ඒකාත්මික වීමට මෙහිදී පාඨකයාට හැකි වනුයේ ඔවුන්ගේ හඬ ඔස්සේ අප තුළ නින්නාද දෙන මනුෂත්වයේ සෞන්දර්යාත්මක රාවය හේතුවෙනි. ‘බෙංගාලී යෙහෙළිය’ රචක නීල් විජේරත්න නීති උපාධිධරයෙකි;වෘත්තියෙන් නීතිඥවරයෙකි; සිංහල-ඉංග්‍රීසි ද්විභාෂාවෙන් නිර්මාණකරණයෙහි ද, තීරු ලිපි රචනයෙහි ද යෙදෙන්නෙකි. කොළඹ මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයයේ අකුරු කළ නීල්ගේ කුලුඳුල් නිර්මාණය 1968 දී පළ කළ ‘මීදුම අතරින් ’ නවකතාව ය.

USD 3.21

Available

Product Details

  • 978-955-652-643-1
  • Sinhala
  • 348
  • 292g